ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිවිශාල ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයකට
මුහුණපෑමේ පසුබිම නිර්මාණය කරමින් ප්‍රවීණ පිතිකරු තිලාන් සමරවීර ද ටෙස්ට්
පිටියේ සිය අනාගත දායකත්වය සම්බන්ධව තීරණයකට එළැඹීමට නියමිත බව
ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කරයි.
ටෙස්ට් තරග 79කට ක්‍රීඩා කොට ඇති සමරවීර එහි දී ලකුණු 5439ක් ලබාගනිමින් ලකුණු
ලබාගැනිමේ සාමාන්‍යය 50.36ක් වැනි ඉහළ මට්ටමක රඳවා තබාගැනිමට සමත්ව සිටියි.
බංග්ලාදේශය සමග ලබන වසරේ මාර්තු මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග 2කින්
යුත් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ඔහු ටෙස්ට් තරග දිවියට සමුදෙනු ඇත. ඉදිරි
මාස 12ක කාලයේ දී ටෙස්ට් පිටියෙන් ඉවත්වීම සම්බන්ධව සිත යොමුකරමින් සිටින
අනිකුත් ප්‍රවීණ පිතිකරු වන්නේ 36හැවිරිදි ආරම්භක පිතිකරු තිලකරත්න
ඩිල්ෂාන්ය.
'ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවටත්, ඉන් පසුව ශ්‍රී ලංකාවේ
පැවැත්වෙන ටෙස්ට් තරග දෙකටත් මම ක්‍රීඩා කරනවා.' ලබන සැප්තැම්බර් මාසයේ දී
37වැනි වියට පා තබන සමරවීර කීවේය.
'ඉන් පසුව අපට ලබන ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසය දක්වා ටෙස්ට් තරග කිසිවක් නෑ. මගේ
වයසත් එක්ක මට තරමක තරගකාරී ක්‍රීඩාවක නිරතවීමට සිදුවේවි.ඉතින් අපිට දීර්ඝ
විවේකයක් තිබෙන නිසා මට තීරණය කරන්න වෙනවා තව කොච්චර කාලයක් ක්‍රීඩා කළ යුතුද
කියලා.
ක්‍රීඩකයකුගේ යම් නිශ්චිත වයසකදි මිනිස්සු බලාපොරොත්තු වෙනවා ඔහු සෑම
තරගයකම හොඳින් ක්‍රීඩා කරාවි කියලා.'ඔහු කීවේය. 'ඔබ තරුණ වියේ පසුවන්නෙක් නම්
තරග 2ක් හෝ 3ක් අසාර්ථක වේවි. නමුත් අවුරුදු 30ගණන්වල පසුවන ක්‍රීඩකයකුට
ලකුණු රැස් කරන්නම වෙනවා. නැතිනම් පීඩනය වැඩිවෙනවා.
මාධ්‍ය අවධානය පවා
යොමුවේවි. බලන්න රිකී පොන්ටින් දිහා. ඔහු පළමු පෙළ තරගවලදී ලකුණු 25,000කට වඩා
ලබාගෙන තිබෙනවා. ඔහුට තවත් ඔප්පු කරන්න දෙයක් නෑ පිතිහරඹය ගැන. නමුත් වයසත්
එක්ක අසාර්ථක වුනාම සෑමකෙනෙකුගේම අවධානය ඔහු වෙතයි යොමුවුණේ.
එබැවින්
ඔබට හොඳින් ක්‍රීඩාවේ නිරතවෙන්න සිදුවේවි. නැතිනම් ඔබේ ස්ථානය ගන්න යොවුන්
ක්‍රීඩකයන් බලාසිටින බව මිනිස්සු කියාවි. ඔබට මේ දේවල් පාලනය කරන්න බෑ.
සමරවීර පැවැසීය. මේ අතර ජයවර්ධන, සංගක්කාර, සමරවීර සහ තමා ක්‍රීඩාවෙන්
සමුගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ බිඳවැටීමකට හේතුවිය හැකිබවට වන
මතය තිලකරත්න ඩිල්ෂාන් ප්‍රතික්ෂේප කළේය.'මැතිව්ස් දැන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෙස දියුණුවෙමින් සිටිනවා.
තවත් දක්ෂ
යොවුන් ක්‍රීඩකයන් පිරිසක් ඉදිරියට පැමිණෙමින් සිටිනවා. තවත් වසර
කීපයකින් මමත්, මහේල සහ සංගක්කාරත් ක්‍රීඩාවෙන් සමුගනීවි. ඒ ස්ථානවලට
පැමිණෙන්න වෙනත් ක්‍රීඩකයන්ට අවස්ථාව උදාවේවි.' ඩිල්ෂාන් කීවේය.
'අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ තරගමාලාව ඉවරවුනාට පස්සේ මම තීරණය කරනවා
ඊළඟ අවුරුද්දේ මොකද කරන්නේ කියලා. තාම මම කිසිවක් තීරණය කරලා නෑ. මුලින්ම මගේ
පවුලේ සාමාජිකයන් සමග සාකච්ඡා කරනවා. තීරණයක් ගන්නේ ඉන් පසුවයි.' ඩිල්ෂාන්
එසේ පැවැසීය.
0 comments:
Post a Comment