මොරගහකන්ද ව්‍යාපෘතියේ චීන කොන්ත්‍රාත් සමාගමකට අයත් වැඩබිමේ අඹන්ගඟ පිටාර
ගැලීම හේතුවෙන් රුපියල් ලක්‍ෂ හාරසිය පනහක පමණ පාඩුවක් සිදුවී ඇතැයි එහි
ජ්‍යෙෂ්ඨ ඉන්ජිනේරුවකු පැවසීය.
මෙම සමාගම මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ
අබන්ගඟ හරහා ඉදිකළ යකඩ පාලමක් සැඩ පහරට හසුවී විනාශ වී ඇති අතර නවතා තිබූ ලොරි,
ටිපර්, ජීප්, බැකෝ යන්ත්‍ර, ගල් රෝල් ආදි යන්ත්‍ර සූත්‍ර රැසක් ජල ගැල්මෙන් විනාශ
වී තිබේ.
තවද ඔවුන් නේවාසිකව සිටි නේවාසිකාගාර සියල්ල ජලයට ගසාගෙන ගොස් ඇති අතර, එහි
ගබඩාවක තිබූ සිමෙන්ති කොට්ට 300ක් පමණ විනාශ වී ඇති බව එහි චීන ජාතික
ඉන්ජිනේරුවෙකු වූ කොවැන් මහතා පැවසීය.
තවද මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩබිම් කීපයකටම දැඩි අලාභහානි සිදුවී ඇති
අයුරු එහි ගිය අපට දැක ගැනීමට හැකිවූ අතර එහි උසස් නිලධාරීන් කියා සිටියේ
ව්‍යාපෘතියට ජල ගැල්මෙන් සිදුවී ඇති පාඩුව තක්සේරු කර නොමැති බවයි.
0 comments:
Post a Comment