Photobucket

Saturday, December 8, 2012

ජනප්‍රිය රැල්ලට මං නෑ - සමාධි ලක්සිරි

ද සුමති ටෙලි සම්මාන උළෙලේදී ඔබ හොඳම නිළිය හැටියට සම්මානයට පාත්‍රවෙයි කියල මුලින් හිතුණාද?

ඇත්තටම නෑ. මං එහෙම දෙයක් අපේක්‍ෂා කළේ නෑ. කොහොම වුණත් මං ප්‍රධාන චරිතය නිරූපණය කළ මුල්ම ටෙලි නාට්‍ය 'කඩ‍ෙදාර.' ඉතින් ඒ රඟපෑම වසරේ හොඳම රඟපෑම හැටියට සම්මානයට පාත්‍රවීම මට සතුටක්. මම ඒ ටෙලි නාට්‍යයේ රඟපෑවේ 'රත්මලී' හැටියටයි. රත්මලී කියන්නේ දැඩි දුක්ඛ දෝමනස්සවලට ගොදුරු වුණු ගැහැනියක්.

මුළු ටෙලි නාට්‍යයේම රූපගත කිරීම් කෙරුණේ වන සතුන් ගහන කැලයක් මැද. ඒක කළේ කූඩාරමක් ගහගෙන, කූඩැල්ලෝ කඩ කඩා ගත කළ ජීවිතය හරිම දුෂ්කරයි. කාන්තාවක් විදියට ඒ කැලේ හිටියේත් මං විතරයි. දවස් 45ක්ම ඒ කැලේ ඇතුළේ ගත කරපු දුෂ්කරකමම මට ඒ චරිතයෙ ඇතුළාන්තයට කි¼දා බහින්න විශේෂ ආලෝකයක් වුණා.

'රත්මලී' 1910 වැනි කාලවකවානුවකට අයත් කතාවක එන චරිතයක්. ඒ චරිතවල භාෂාව වෙනස්. ඇඳුම් පැලඳුම් වෙනස්. ඉතින් ඒ වකවානුවට අයත් චරිතයකට පණ දෙන කොට ඒ කාලවකවානුව ගැනත් චරිත ගැනත් අධ්‍යයනයක් කරන්න සිදුවෙනවා. ඒ අධ්‍යයනය සඳහා ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂ රජිව් ආනන්දගෙන් ලැබුණු පිටිවහල ඉතා විශාලයි.

ද රත්මලීගේ චරිතය සාර්ථක කරගන්න ඊට කලින් ඔබ කළ රංගනයන් වැදගත් වුණාද?

මං ටෙලිනාට්‍ය රැසක රඟපාල නෑ. මුලින්ම 'මායා අගි' කියන ටෙලි නාට්‍යයේ සුළු චරිත නිරූපණයකට එක් වෙන්නෙ බලකිරීමක් මතයි. ඊට පස්සේ 'වසන්ත කුසලාන' ටෙලි නාට්‍යයෙත් රඟපෑවා. මගේ ක්‍ෂේත්‍රය වුණේ වේදිකාවයි. මං කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව පිළිබඳ විශේෂ උපාධියක් කළා. එහිදීත් 'සඳ ළඟ මරණය,' 'ඇන්ටිගනි' ඇතුළු නාට්‍ය රැසකම රඟපෑවා. 'වීරයා මැරිලා,' 'බර්නාඩාගේ සිපිරි ගෙය,' 'සිහින හොරු අරං', 'බකමූණා වීදි බසී' ඇතුළු නාට්‍ය කිහිපයකම රඟපෑවා.

ද රඟපෑමට එක්වුණේ පුංචි කාලේ ඉඳල තිබුණු ආශාවක් ඉටුකර ගැනීමටද?

මං පුංචි කාලෙ ඉඳලම ධ්ථඪබචබඥ කරන්න දක්‍ෂයි. එක එක අයගේ හැසිරීම් මං පුංචි කාලෙ ඉඳලම කරල පෙන්නනවා. මේ දක්‍ෂතාව මගේ අම්මා දැනගෙන හිටියා. ඇය තමයි මාව මං නාට්‍ය හා රංග කලා විෂයයට යොමු කළේ. එහෙම නොවුණානම් මං නැටුමටයි යොමු වන්නේ.

දමේ කාලේ ඒ වගේ විෂයයක් ඉගෙන ගන්න කියල අම්ම කෙනෙක් කියන්නේ බොහොම කලාතුරකින්. ඔබේ අම්මාත් මේ විෂය ගැන උනන්දුවක්, අවබෝධයක් තියෙන කෙනෙක්ද?

ඔව්. අම්මා උගත්, ඒ වගේම බුද්ධිමත්. අපේ තාත්තා නැති වුණාට පස්සේ අක්කලා පස් දෙනෙක් එක්ක අපට අධ්‍යාපනය දෙන්න ඇය ඉතා වෙහෙසක් දැරුවා. අපි ඔක්කොම විශ්වවිද්‍යාලයට ගියා. අදටත් අම්මා අපේ ජීවිතවලට විශාල පිටිවහලක්.

ද ඔබට ඔබේ සැමියාගෙන් ලැබෙන පිටිවහල මොන වගේද?

මගේ සැමියා ඉතාලියේ රැකියාව කරනවා. අම්මා හැරුණ විට ඔහු තමයි මගේ රංගන ජීවිතයට විශාල ශක්තියක් වෙලා තියෙන්නේ. ඔහුටත් කලාව පිළිබඳ ලොකු දැනුමක් තියෙනවා. ඔහු මටත් වඩා ඒ ගැන උනන්දුයි. කලාවේ නව ප්‍රවණතා ගැන එහෙම ඔහු හරිම උනඤචබඥ කෙනෙක්. ඔහු තමයි සමහර චිත්‍රපට, නාට්‍ය එහෙම බලන්න කියලත් මට කියන්නේ. සාමාන්‍යයෙන් රටගිය කෙනෙක් නිතරම උත්සාහ ගන්නේ බිරියව එහාට ගෙන්න ගන්නයි. ඒත් එයා පුළුල් මනසක් තියෙන කෙනෙක්. එයාගෙන් ලැබෙන සහයෝගය නැතිනම් මට කවදාවත් මේ තැනට එන්න බෑ.

ද හොඳම නිළිය හැටියට සම්මානයට පාත්‍ර වුණාට පස්සේ ඔබට ලැබෙන ජනප්‍රියත්වය සහ ඉල්ලුම ගැන මොකද හිතන්නේ.

අනේ මං ඔය කියන ජනප්‍රියත්වය ඉල්ලා සිටින කෙනෙක් නෙවේ. නිළියක් හැටියට මාව බොහෝ දෙනෙක් දන්නෙත් නෑ. 'කඩදොර' ටෙලි නාට්‍ය විකාශනය වුණු කාලය තුළත් පාර තොටේදි දැක්කත් මාව කවුරුත් ඒ අහවලා කියල හඳුනා ගත්තෙ නෑ. අනිත් එක හොඳම නිළිය වුණාය කියල ඉල්ලුමට සැපැයුම දෙන්න මං සූදානම් නෑ. මට සුදුසු හොඳම දේ පමණයි මං තෝරා ගන්නේ. අනිත් එක මං රජයේ රැකියාවක් කරන කෙනෙක් හැටියට මට මුළු වසරටම තියෙන්නේ නිවාඩු 45යි. ඒ කාලය ඇතුළතයි මට රංගනයට එක්වෙන්න ඉඩක් ලැබෙන්නේ. මං අසනීපයකටවත් නිවාඩුවක් ගන්නෙ නැත්තේ මගේ නිවාඩු 45 රංගනයටම වෙන් කරගෙන සිටින නිසයි.

ද ඔබ මේ සම්මානය දිනා ගත්තේ ප්‍රවීණ නිළියන් ඒ සඳහා නිර්දේශ වුණු අවස්ථාවක, ඒ ගැන මොකද හිතන්නේ?

ඇත්තටම මාත් එක්ක හොඳම නිළිය හැටියට නදීෂා හේමමාලිත්, සේමිනි ඉද්දමල්ගොඩත් නිර්දේශ වෙලා තිබුණා. ඒක මට සතුටක්. ඒ අයගේ රඟපෑම් ඉහළ මට්ටමක තිබුණා. නදීෂාත්, සේමිනිත් මගේ ජයග්‍රහණය වෙනුවෙන් මට සුබ පැතුවා.

සුමති ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රිය නිළිය හැටියට නදීෂා හේමමාලි සහ හොඳම නළුවා ලෙස ධනංජය සිරිවර්ධන සම්මානයට පාත්‍රවීම ඉතා ඉහළින් අගයනවා. මොකද මේ සැරේ ජනප්‍රිය සම්මාන හිමිවෙලා තියෙන්නේ දක්‍ෂතම දෙන්නෙකුට. විශේෂයෙන් නදීෂා හේමමාලි මේ සැරේ හොඳම නිළිය හැටියට නිර්දේශ වුණු කෙනෙක්. ඉතින් දක්‍ෂ අය ජනප්‍රියම අය වීම හරිම වැදගත්.

මාව මේ 'කඩ‍ෙදාර' නාට්‍යයට සම්බන්ධ කළේ රොෂාන් රවින්ද්‍ර. 'කඩ‍ෙදාර' ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා රජිව් ආනන්ද මගේ රංගනය සාර්ථක කර ගැනීම සඳහා විශාල සහයෝගයක් දුන්නා. මට ලැබුණු සම්මානයේ ගෞරවය ඒ අයටත් හිමිවෙනවා. ඒ විතරක් නෙවි මගේ ගුරුවරයා ප්‍රියංකර රත්නායක. හොඳ දේ තෝරාගැනීමත් නිළියකට හෝ නළුවකුට ඉතා වැදගත්. ඒ තෝරා ගැනීම සඳහාත් ප්‍රියංකර රත්නායක ගුරුතුමාගෙන් ලැබුණු අධ්‍යාපනය ඉතාමත් වටිනවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all