Photobucket

Sunday, December 16, 2012

"ෆුල් බොඩි චෙක් අප්" විලාසිතාවෙන් මිදී නොමැරී ඉන්නා කලාව

නූතන සමාජයේ ජීවත්වන සෑමදෙනාම පාහේ සිතන්නේ අගනුවර ප්‍රසිද්ධ නමක්‌ ඇති ''සුපිරි'' පෞද්ගලික රෝහලකට ගොස්‌ ''ෆුල් බොඩි චෙක්‌අප්'' හෙවත් සම්පූර්ණ ලෙඩරෝග පරීක්‌ෂාවක්‌ කරගත් විට බියවන්නට කිසිම හේතුවක්‌ නැති බවයි. ඒ අනුව දිවයිනේ ඈත පිටිසර පළාත් ඇතු`එ සතර දිග්භාගයෙන්ම ''ෆුල් බොඩි චෙක්‌අප්'' කරගැනීම ස`දහා මහජනයා මෙම සුපිරි රෝහල් වෙත ඇදෙයි. අතේ මිටේ මුදල් ඇත්නම් ඒ ස`දහා රුපියල් ලක්‌ෂ ගණනක්‌ වුව වියදම් කරන්නට ඔවුන් කිසිවිටක මැළිවන්නේ නැත. අතේ මිටේ මුදල් නැත්නම් කනකර පවා උකස්‌ තබන්නටද ඔවුන් සූදානම්ය. එසේම ඒ වෙනුවෙන් ඕනෑම වධ වේදනාවක්‌ වි`දින්නටද ඕනෑම දරුණු ගණයේ වෛද්‍ය පරික්‌ෂාවකට භාජනය වන්නටද ඔවුන් සූදානම්ය. 


මේ රෝහල්වලින් අදාළ මුදල් අයකරගෙන ''ෆුල් බොඩි චෙක්‌අප්'' එක ලහි ලහියේ කරදී වසරකට වතාවක්‌වත් නැවත එන්නට ආරාධනා කෙරේ. එය ආරාධනාවකටත් වඩා බියවැද්දීමක්‌ද විය හැකිය. නමුත් මිනිසුන් රෝගීන් කිරීමට බලපාන්නා වූ වැරැදි රැවන රටාව වෙනස්‌ කිරීමට මෙම ක්‍රියාවලිය තුළදී කිසිම උත්සාහයන් ගන්නේ නැත. ''ෆුල් බොඩි චෙක්‌අප්'' එකට භාජනය වූ පුද්ගලයා අවදානම් සාධක එලෙසම තබාගෙන වුවත් වාර්තා හො`ද නිසා පස්‌වනක්‌ ප්‍රීතියෙන් ඉපිල ගොස්‌ ගෙදර යයි.

යම්කිසි ලෙඩක්‌ හෝ රෝගයක්‌ හ`දුනාගත්තානම් ඔවුන් අදාළ විශේෂඥයන් වෙත යොමුකෙරේ. නමුත් කනගාටුවට කාරණය වන්නේ එම විශේෂඥයන් වෙතින්ද ලෙඩරෝග පාලනය කරගැනීමේ සහ ලෙඩරෝග වළක්‌වා ගැනීමේ නිවැරැදි ජීවන රටාව පිළිබ`දව කිසිවක්‌ ඉගෙන ගන්නට රෝගීන්ට ලැබෙන්නේ නැති වීමයි. බොහෝවිට සිදුවන්නේ හුණ්‌ඩුවක්‌ තරම් වන බෙහෙත් කන්දරාවක්‌ රෝගියාට නියමවීමත් තවත් පීඩාකාරී දරුණු ගණයේ පරීක්‌ෂණ ගණනාවකට රෝගියාට භාජනය වීමට සිදුවීමත්ය. මේ අතර රෝගියාට කිසිම යහපතක්‌ නොවී රෝගියා පා පන්දුවක්‌ සේ එහාට මෙහාට විශේෂඥයන් අතර හුවමාරුවන අවස්‌ථාද බහුලව දැකගත හැකිය.

කාරුණික කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්‌ වරක්‌ අප සමග පැවසුවේ අද කරන ''ෆුල් බොඩි චෙක්‌අප්'' එක සාමාන්‍ය වුවත් අවදානම් සාධක පවතිනවානම් හෙට වුවත් හෘදයාබාධයක්‌ ඇතිවීමට ඉඩ තිබෙන බවයි. එසේම ප්‍රවීණ හෘදරෝග විශේෂඥයන්ගේ පොත පතේ ස`දහන් වන්නේද හෘදය සම්බන්ධයෙන් ලෝකයේ කළ හැකි සියලුම පරික්‌ෂණ අද දිනයේ සාමාන්‍ය වුවත් අවදානම් සාධක පවතිනවානම් හෙට වුවත් හෘදයාබාධයක්‌ වැළ`දිය හැකි බවයි.

අප ඉහත දැක්‌වූ කරුණුවලින් ඔබට වැටහී යා යුත්තේ අප සෑමවිටම ප්‍රමුඛස්‌ථානය ලබාදිය යුත්තේ අපේ ජීවන රටාව යහපත් අන්දමින් පවත්වාගනිමින් අපව ලෙඩකරන අවදානම් සාධකවලින් මිදීමට සහ ඒවා නිසි පරිදි පාලනය කිරීමට මිස ඊනියා ''ෆුල් බොඩි චෙක්‌අප්'' කරවා ගැනීමට නොවන බවයි.

රුපියල් ලක්‌ෂ ගණන් වැය නොකර දරුණු ගණයේ වධ වේදනාවන් නොවි`ද නූතන මිනිසා ලෙඩකරන අවදානම් සාධක සියල්ල එකවිට පාලනය කළ හැකි ඉතාම සරල ක්‍රමයක්‌ තිබෙනවා යෑයි අප පැවසුවොත් ඔබ නියත ලෙසම පුදුම වනවා ඇත. නමුත් ඔබ එසේ නියත ලෙසම පුදුම වන ඉතාම සරල ක්‍රමය ඔබට පැවසීමටයි අපේ මේ සූදානම. එම ක්‍රමය නම් ඔබේ උසට සරිලන බර පවත්වා ගැනීමයි.

උසට සරිලන බර සොයාගන්නා හැටි

ඔබ ඔබේ උසට සරිලන බර ඉක්‌මවා අවදානම් තත්ත්වයේ පසුවෙනවාදැයි ඉතාම කෙටිකාලයක්‌ තුළ සොයාගත හැකි සංකිර්ණ ගණනය කිරීම් අවශ්‍ය නොවන ඉතාම සරල ක්‍රමයක්‌ද ඔබට ඉදිරිපත් කිරීමට අප දැන් සූදානම්. ඒ ස`දහා ඔබට අවශ්‍ය වන්නේ බර කිරන තරාදියක්‌ සහ මිනුම් පටියක්‌ හෝ මිනුම් කෝදුවක්‌ පමණි. ඒ අනුව ඔබේ බර කිලෝග්‍රෑම් වලිනුත් උස අඩි අ`ගල්වලිනුත් මැනගන්න.

ඔබේ සිරුරේ උස අඩි 5 නම් ඔබට තබාගත හැකි උපරිම බර කිලෝග්‍රෑම් 52 ක්‌ පමණි. ඔබේ උසෙහි අඩි 5 ට වඩා වැඩි වන සෑම අ`ගලක්‌ ස`දහාම කිලෝග්‍රෑම් 2 බැගින් එකතු කරන්න. නිදසුනක්‌ ලෙස ඔබේ බර අඩි 5 යි අ`ගල් 4 ක්‌ වන්නේ යෑයි සිතමු . එවිට ඔබට සිරුරේ තබාගත හැකි උපරිම බර වන්නේ 52 + (2 x 4 ) =  60kg පමණි. ඔබ උස අඩි 5 ට අඩු අයෙකු නම් අඩුවන සෑම අ`ගලක්‌ ස`දහාම කිලෝග්‍රෑම් 2 බැගින් අඩුකරන්න.

නිදසුනක්‌ ලෙස ඔබ අඩි 4 යි අ`ගල් 10 ක්‌ උස කෙනෙකු නම් ඔබේ සිරුරේ තබාගත හැක්‌කේ 52 - (2 x 2 ) = 48kg පමණි. මෙය අඩි 4 යි අ`ගල් 8 සිට ඉහළට නිවැරැදි සම්බන්ධතාවයකි .

අප පෙන්වා දුන් ඔබේ සිරුරේ තබාගත හැකි උපරිම බරේදී ඔබේ දේහ ස්‌කන්ධ දර්ශකය හෙවත් BMI අගය 23 වේ. ඔබේ පහසුව ස`දහා මෙම සම්බන්ධතාවය පහත පරිදි වගුවකින්ද අපට දැක්‌විය හැකිය. 

සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ බොහෝ වෛද්‍යවරු පවා මෑතක්‌ වනතුරුම සැලකුවේ BMI අගය 25 දක්‌වා සෞඛ්‍ය අවදානමක්‌ නැති සාමාන්‍ය පරාසය ලෙසය. එමනිසා බර වැඩි සහ තරබාරු අය බර අඩුකර ගත යුත්තේ BMI 25 දක්‌වා පමණක්‌ බව ඔවුහු පැවසූහ. නමුත් අප මෙයට දශකයකට ආසන්න කාලයක සිටම පවසන්නේ ආසියාතිකයන් ස`දහා සෞඛ්‍ය අවදානමක්‌ නොමැති උපරිම BMI අගය 23 විය යුතු බවයි. එදා එය නොපිළිගත් බොහෝ දෙනාට අද එය එසේ වන බව පිළිගන්නට සිදුවී ඇත. එහෙත් සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ ඇතැම් ප්‍රතිපත්ති සම්පාදකයන් සහ සම්පාදිකාවන් තවමත් සිතන්නේ BMI අගය 25 දක්‌වා පවත්වාගැනීමේ දෝෂයක්‌ නොමැති බවයි. ඒ අනුව ඔවුන් මහජනතාවට උපදෙස්‌ දෙන්නේද BMI අගය 25 දක්‌වා අඩුකරගැනීමට පමණි. එහෙත් ඔවුන්ගේ එම උපදේශය සොබාදහමෙන්ම වැඩි තෙල් ප්‍රමාණයක්‌ ගබඩාකරගැනීමට ඉඩ දී ඇති සීත රටවල සුද්දන් ස`දහා සත්‍ය විය හැකි වුවත් අප වැනි රටවල ආසියාතිකයන් ස`දහා කිසිසේත්ම සත්‍ය නොවන බව අවධාරණය කළ යුතුමය.

ඔබේ සිරුරේ බර උසට සරිලන ඉහත පෙන්වා දුන් මට්‌ටම ඉක්‌මවනවාත් සමගම එනම් ඔබේ BMI අගය 23 ඉක්‌මවනවාත් සමගම ලෙඩරෝග සහ සෞඛ්‍ය ගැටලු රාශියක්‌ ඇතිවීමේ දැඩි අවදානමක ඔබ ගිලීයයි. දියවැඩියාව, කොලෙස්‌ටරෝල් මට්‌ටම් භයානක ලෙස ඉහළ යැම, හෘදයාබාධ, ආඝාතය හෙවත් අංශභාගය, හන්දි ගෙවී ඇතිවන ආතරයිටිස්‌, ශ්වසන අපහසුතා සහ නින්දේදී ගෙරවීම, පිළිකා, නහර ගැටගැසීම, හර්නියා, කාන්තාවන්ට ඔසප් චක්‍රයේ දරුණු අංසාත්මකතා ඇතිවීම සහ දරුඵල අහිමිවීම, විවිධ හමේ රෝග ආදිය ඒ ස`දහා නිදසුන් කීපයකි.

ශරීරයේ බර වැඩිවී තරබාරු වීමත් සමග මානසික ආතතිය , කාංශාව සහ මානසික අවපීඩනය යන බහුල මානසික ගැටලු ඇතිවීමේ අවදානමද ශීඝ්‍රයෙන් වැඩි වේ.

BMI අගය 23 ඉක්‌මවනවාත් සමගම ඔබේ සෞඛ්‍ය අවදානම එසේ වැඩිවෙනවා යන්නෙන් කියෑවෙන තවත් කතාවක්‌ ඇත. එම කතාව නම් බර වැඩි සහ තරබාරු අය BMI අගය 23 දක්‌වා අඩුකරගතහොත් ඔවුන්ට ඇති සෞඛ්‍ය අවදානමෙන් සම්පූර්ණයෙන්ම මිදිය හැකිය යන්නයි. බර වැඩි කෙනෙක්‌ අඩුකරගන්නා සෑම කිලෝග්‍රෑමයක්‌ පාසාම ඔහුට ඇති සෞඛ්‍ය අවදානම ක්‍රමානුකූලව අඩු වේ. මේ වන විටත් ඔහුට දියවැඩියාව වැනි රෝගයක්‌ වැළඳී තිබුණානම් බර අඩුකරගැනීම තුළින් එය ඉතාම හො`දින් පාලනය කරගැනීමේ අවස්‌ථාවද උදාවේ. එසේම ඔහුට එදිනෙදා ජීවිතය ගතකරන්නට ඇති මහා අපහසුවෙන්ද අසහනයෙන්ද ක්‍රමානුකූලව මිදේ. එසේ නම් උසට සරිලන බර පවත්වාගැනීම අප මුලින් පෙන්වා දුන් පරිදි කිසිම ප්‍රතිඵලයක්‌ නොලැබෙන ඊනියා ''ෆුල් බොඩි චෙක්‌අප්'' එකට වඩා කොතරම් හො`ද සෞඛ්‍ය ප්‍රවර්ධනාත්මක කාර්යයක්‌ද යන්න අපට මනාව අවබෝධ විය යුතුය.

ශරීරයේ බර උසට සරිලන මට්‌ටමට අඩුකරගැනීමත් එය එසේ දිගටම පවත්වාගැනීමත් සලකන්නේ ලෝකයේ ඇති අති දුෂ්කරම කාර්යයක්‌ විදිහටයි. එසේ සලකන අය අතර සියලුම වර්ගයේ වෛද්‍ය විශේෂඥවරු ඉදිරියෙන්ම සිටිති. එයට හේතුව වන්නේ ඔවුන් බර අඩුකරගැනීමට ඔවුන්ගේ රෝගීන්ට උපදෙස්‌ දුන්නත් කිසිවෙක්‌ එසේ අඩුකර නොගැනීමයි. එසේම රෝගීන්ට උපදෙස්‌ දෙන වෛද්‍ය ප්‍රජාව පවා උසට සරිලන බර පවත්වාගැනීමට සමත් වී නැත. ඔවුන්ගේ තත්ත්වය සාමාන්‍ය මහජනතාව අතර ඇති තත්ත්වයටත් වඩා බරපතළය. ප්‍රායෝගික තත්ත්වය එසේ වන බැවින් බර අඩුකරගැනීම ඉතාම හො`ද දෙයක්‌ සේ වෛද්‍යවරුන් පොදුවේ සැලකුවත් තමන්ට අඩුකරගන්නට සහ රෝගීන්ට අඩුකරදෙන්නට බැරි නිසා එය අතහැර දමා ඇත.

නමුත් බර වැඩි ඔබ සහ තරබාරු ඔබ එයින් මොහොතකටවත් උකටලී නොවන්න. බි`දක්‌වත් මන්දෝත්සාහී නොවන්න. අප දැඩි වගකීමෙන් මෙන්ම දැඩි විශ්වාසයෙන් එසේ ඔබට පවසන්නේ මේ ක්‌ෂේත්‍රයේ අප ලබාගෙන ඇති ප්‍රායෝගික අත්දැකීම් සම්භාරය සහ එම අත්දැකීම් තුළින්ම ගොඩනගාගත් අපට ගැළපෙන දැනුම් සම්භාරය නිසාය. ආරම්භක අවස්‌ථාවේදීම වැඩසටහන පිළිබ`දව ඔබේ විශ්වාසය අවශ්‍ය මට්‌ටමට ගොඩනගා ගත යුතු බැවින් එම අත්දැකිම්වලින් බි`දක්‌ අපි දැනට ප්‍රකාශ කරමු .

මම මගේ බර 85kg සිට 65kg දක්‌වා 20 ණට ප්‍රමාණයකින්ද BMI අගය 29 සිට 22 දක්‌වා ද අඩුකරගෙන වසර 7 ක්‌ තිස්‌සේ අඛණ්‌ඩව පවත්වාගෙන යන්නෙක්‌මි. වතුපිටිවල රෝහලේ ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපන වෛද්‍ය නිලධාරී ලෙස එම අංශය මගින් ගොඩනැගූ වැඩසටහන මේවන විට දහස්‌ ගණනකට එම න්‍යායය කියා දී ඇති අතර එයින් සාර්ථක ලෙස බර අඩුකරගත් අය 1000 කට වඩා සිටිති .

බර වැඩි අය සිතන්නේ ''අනේ මම කරන්න තියෙන දේවල් ඔක්‌කොම කළා. මම කන්නෙත් නෑ. වැඩත් හරියට කරනවා. ඒ මොනවා කළත් මගෙ ඇ`ග අඩුවෙන්නෙ නෑ'' කියාය. නමුත් අප ඔබට පවසන්නේ ඔබ තවදුරටත් එසේ නොසිතිය යුතු බවය. මොහොතකටවත් මන්දෝත්සාහී නොවිය යුතු බවය. බර අඩුකරගැනීම තවරදුටත් කළ නොහැකි හෝ ඉතා අසීරු දෙයක්‌ සේ නොසැලකිය යුතු බවය.

ඒ ස`දහා අවශ්‍ය වන්නේ නිවැරැදි සරල න්‍යායක්‌ විශ්වාසයකින් යුතුව ක්‍රියාත්මක කිරීම පමණය. දැනට වතුපිටිවල රජයේ රෝහලේ ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපන අංශය විසින් එය රටට ප්‍රායෝගිකව කර පෙන්වා දී තිබේ. 

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all