Photobucket

Thursday, December 27, 2012

මියන්මාරයේ ගුවන්යානයක් ගිනි ගනී

මියන්මාරයේ නැ‍ඟෙනහිර ෂාන් ප්‍රාන්තයේදී විදේශ සංචාරකයන් රැගත් ගුවන්යානයක් පෙරේදා ගුවන්තොටුපොළකට ආසන්න කුඹුරු යායකට ගොඩබෑමේදී කඩාවැටී ගිනිගැනීමෙන් දෙදෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනකු තුවාල ලබා ඇතැයි ගුවන්තොටුපොළ බලධාරින් ප්‍රකාශ කර තිබේ.

හෙහෝ ගුවන් තොටුපල ආසන්න කුඹුරු යායකට හදිසියේම ගොඩබෑමට යාමේදී බැගන් ගුවන්සේවයට අයත් යානය ගිනිගෙන ඇති අතර එහි පිළිස්සුණු සුන්බුන්වලින් කළු දුමනැ‍ඟෙනු දක්නට ලැබී ඇත.

මියන්මාරයේ නවදේශපාලන සංශෝධන ක්‍රියාවලියෙන් පසු එරටට විදේශ සංචාරකයන් ගලා එමින් සිටින බව පැවසෙන අතර අනතුරට පත්ගුවන්යානයේ ගමන් ගත් 63 දෙනා අතරින් 51 දෙනකුම විදේශිකයන් බව සඳහන්ය. යානය යැන්ගොන් සිට මන්ඩලේ නගරය හරහා ගමන් කරමින් තිබිණ.

ෆොකර් -100 නම් මේ පැරණි යානය ඝන මීදුම මැද ගොඩ බෑමට යෑමේදි කඩාවැටී ඇති අතර එහි පසුපස කොටස කැඩී ගිනිගෙන තිබේ. මෙහිදි එහි සිටි මියන්මාර ජාතික මාර්ගෝපදේශකයකු මිය ගොස් තිබේ. 

11 හැවිරිදි දරුවකුද මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළද ගුවන් සමාගම එවැන්නක් නොදන්නා බව කියා තිබේ. කෙසේවෙතත් බිම සිටි යතුරු පැදිකරුවකුද සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රවෘත්ති අමාත්‍යාංශය පවසන්නේ අයහපත් කාලගුණය නිසා යානය ගුවන්තොටුපොළ ධාවන පථයට යාබද කුඹුරකට ගොඩබස්සවා ඇති බවය. මේ හදිසි ගොඩබෑමේදී යානය දෙකට කැඩි ඇතැයි සඳහන්ය.

කෙසේ වෙතත් යානා අනතුරට නිශ්චිත හේතුව දන්නේ එහි නියමුවන් වන නමුදු දැන් ඔවුන්ද රෝහල් ගත කර ඇති බව පැවසේ .
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all