Photobucket

Friday, December 7, 2012

පක්ෂ-විපක්ෂ දෙපිරිස් අතර ප්‍රචණ්ඩ විරෝධතා පැතිරේ

ඊජිප්තුවේ ප්‍රථම ඉස්ලාමීය ජනාධිපතිවරයා වශයෙන් මොහොමඩ් මෝර්සි පසුගිය ජූනි මාසයේදී පත්විමෙන් අනතුරුව එරට දක්නට ලැබුණ දරුණුම ප්‍රචණ්ඩත්වය ඊයේ දක්නට ලැබුණු අතර කයිරෝ නුවර ජනාධිපති මන්දිරය අසල මොර්සිවාදීන් හා ඔහුගේ ප්‍රතිවාදීන් අතර හටගත් ගැටුම් හේතුකොටගෙන අට දෙනකු මියගොස් 350 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි රජයේ මිනා ප්‍රවෘත්ති සේවය නිවේදනය කරයි .
ජනාධිපති මෝර්සි විසින් සිදු කරන්නට යෙදුණු ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා වෙත අතිරේක හා අධි බලතල පවරා ගැනිම මෙම විරෝධතාවට හේතු වී ඇත .

කැරැලිමර්ද න පොලිසිය විසින් කඳවුරු ගසා සිටි විරෝධතාකරුවන් පලවා හරින ලද නමුත් අගනුවර තැනින් තැන බෝම්බ ගසාගැනීම් වෙඩිතබාගැනීම් හා කැරැලි කෝලාහළ පැතිර යමින් පවතින බව වාර්තාවේ. 

කයිරෝ අග නගරයෙන් ඔබ්බටද විරෝධතා ව්‍යාප්ත වි ඇත .ඉස්මායිලියා සහ සුවෙස් නගරවල මුස්ලිම් සහෝදරත්ව සංවිධානයේ කාර්යාල පවා ගිනි තබා ඇත .සංහිදියාවෙන් සහ සාකච්ඡාවෙන් ගැටලු විසඳා ගන්නා ලෙස ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය සහ යුරෝපා හවුල දෙපාර්ශවයෙන්ම ඉල්ලා තිබේ.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all