Photobucket

Friday, December 7, 2012

මාතලේ සමූහ මිනී වළෙන් ඇටසැකිලි 33ක් හමු වෙයි

මාතලේ රෝහල් භූමියේ හමුවූ සමූහ මිනී වළේ මේ වන විට පුද්ගලයින් 33කගේ මිනිස් ඇට සැකිලි හමුවී ඇතැයි පොලිසිය කියයි.
පසුගිය 23වැනි දා රෝහල් භූමියේ ඉදිකිරීමක් සඳහා එහි බැකෝ යන්ත්‍ර යොදා කැණීම් සිදුකිරීමේ දී මතුª වූ ඇට කැබලි විමර්ශනය කිරීමේ දී ඒවා මිනිස් ඇට කැබලි බවට මාතලේ අධිකරණ වෛද්‍යවරයා නිගමනය කර ඇත. 

පසුව මාතලේ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කළ කැණීම්වලදී මේ වන විට මිනිස් ඇට සැකිලි 33ක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා දිනමිණ කළ විමසීමකදී පැවසිය. සොයා ගත් හිස් කබල් හා ඇට කැබලි දැඩි ලෙස දිරාපත්ව ඇති බවත් ඒවා ඇඟිලි අතර පොඩිවී යන තරමටම දිරාපත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා කීය.

මාතලේ මූලස්ථාන පොලිසිය සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෝහාරික වෛද්‍ය පරීක්ෂණයන් සඳහා මේ අස්ථි කැබලි ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

පණ්ඩුක සමරසේකර
 දිනමිණ ඇසුරින් පලකරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all