දරුවකු
බලාපොරොත්තු වන කාන්තාවක් ඒ ගැන සිහින දැකීමටත් පෙර කළ යුතු වැදගත් ම
කාර්යය වන්නේ වෛද්‍යවරයෙකු මුණගැසී අවශ්‍ය ප්‍රමාණයට ෆොaලික් අම්ලය ගැනීමට
ආරම්භ කිරීමයි.
ෆොලික් අම්ලය යනු,

කශේරු පද්ධතියේ
ගැටලු ඇතිවීමෙන් සුසුම්නාවේ කොටස් වලට හානි පැමිණිය හැක. දරුණුම
තත්ත්වයන් යටතේ දරුවාගේ හිස් කබලේ වර්ධනය සම්පූර්ණයෙන් ම ඇණහිට තිබිය හැක.
මීට අමතරව ෆොaලික් අම්ලය මවගේ ශරීරයටද මෙම අවධියේදී අත්‍යාවශ්‍යය.
වේගයෙන් වැඩෙන රතු රුධිර සෛල සහ සුදු රුධිර සෛලවල ක්‍රියාකාරිත්වයටද මෙම
ෆොaලික් අම්ලය අවශ්‍ය වේ. ගර්භනී සමය තුළ ද බොහෝ මවුවරුන්ට ඇතිවන ලේ හිඟකම
වළක්‌වා ගැනීමට ෆොaලික් අම්ලය අවශ්‍යය. ෆොaලික් අම්ලය බහුලව පවතින ආහාර
වන්නේ එළවළු සහ පළා වර්ගය. ෆොaලික් අම්ලය සේදීමේදී සහ තදින් තැම්බීමේදී
විනාශ විය හැක. එබැවින් එළවළු සහ පළා වර්ග කැපීමට පෙර සේදීම කළ යුතුය.
අවශ්‍ය ප්‍රමාණයට පමණක් තැම්බීම කළ යුතුය. සලාද ලෙස ආහාරයට ගැනීමෙන් පෝෂණය
වැඩිකර ගත හැක. මේ කෙසේ වෙතත් පහසුම සහ සුදුසුම ක්‍රමය වන්නේ ශරීරයට
අවශ්‍ය ෆොaලික් අම්ලය ප්‍රමාණය පෙති වශයෙන් ගැනීමයි. ෆොaලික් අම්ලය ඕනෑම
ඖෂධ ශාලාවකින් වෛද්‍යවරයෙකුගේ සටහනක් නොමැතිව ලබාගත හැක. කිරි ආහාර,
සූදානම් කරන ලද ධාන්‍ය ආහාරවල ෆොaලික් අම්ලය අඩංගු වී ඇත. ෆොaලික් අම්ලය
වැඩිපුර ගැනීමෙන් රෝගී තත්ත්වයන් ඇතිවන්නේ නැත. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයේ
උරා ගැනීමෙන් පසු ඉතිරිය මුත්‍රා සමග පිටවේ. කළලයේ ස්‌නායු පද්ධතියේ
වර්ධනයට ෆොaලික් අම්ලය අවශ්‍ය වන නමුත් වෙනත් ජානමය හෝ පාරිසරික හේතුන් මත
ස්‌නායු ආබාධ ඇතිවන අවස්‌ථාද ඇත.
ෆොaලික් අම්ලය ඌණතාවය ඒ සඳහා ඇති සාධක අතුරින් එක් කරුණක් පමණි. මතක තබාගත යුතු වන්නේ ෆොaලික් අම්ලය ගැනීමෙන් ඌණතාවය වළකා ගත හැකි බවත් මෙය ගැබ් ගැනීමට පෙර සිට ම පටන් ගත යුතු බවත් ය. ෆොaලික් අම්ලය ගැබ් ගැනීමට ද උපකාර වන බවට මතයක් පවතී.
ෆොaලික් අම්ලය ඌණතාවය ඒ සඳහා ඇති සාධක අතුරින් එක් කරුණක් පමණි. මතක තබාගත යුතු වන්නේ ෆොaලික් අම්ලය ගැනීමෙන් ඌණතාවය වළකා ගත හැකි බවත් මෙය ගැබ් ගැනීමට පෙර සිට ම පටන් ගත යුතු බවත් ය. ෆොaලික් අම්ලය ගැබ් ගැනීමට ද උපකාර වන බවට මතයක් පවතී.
0 comments:
Post a Comment