Photobucket

Friday, December 7, 2012

වැල්ලවාය යාලබෝවට අද්භූත එළියක්‌ දිස්‌වේ

වැල්ලවාය, යාලබෝව ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක්‌ විසින් ඉහළ අහසේ ගමන් කරමින් තිබූ විශාල එළියක්‌ පෙරේදා (05 වැනිදා) පැය දෙකක්‌ තිස්‌සේ දැක තිබේ.
එදින සවස 6.45 ට පමණ වැල්ලවාය නැගෙනහිර අහසේ සිට මොණරාගල දෙසට විශාල එළියක්‌ විහිදුවමින් ගමන් කර තිබෙන මෙම අද්භූත ආකාශ වස්‌තුව ගම්වාසීන් දැක ඇත. වෙහෙරයාය, බුත්තල, කුකුරම්පොල සහ වැල්ලවාය යන ප්‍රදේශවල විශාල පිරිසක්‌ අහසේ ගමන් කරමින් තිබූ විශාල එළියක්‌ දුටු බව පවසති.

මෙම එළිය පැය දෙකකට ආසන්න කාලයක්‌ අහසේ තිබී අතුරුදන්ව ඇත.

හම්බෙගමුව - ප්‍රේමතිලක බණ්‌ඩාර සහ මොණරාගල - නයන ඉහළගෙදර
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all