ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කර් අන්තර් ජාතික එක්දින ක්රිකට්
පිටියෙන් සමුගන්නා බව ඊයේ නිවේදනය කළේය.
'එක්දින ක්රිකට් ක්රීඩාවෙන් විශ්රාම ගැනීමට මම තීරණය කළා.' එක්දින තරග පිටියේ
වාර්තාගත ශතක 49කට හිමිකම් කියන සචින් නිවේදනයක් නිකුත් කරමින් කියා
සිටියේය.
'එක්දින ලෝක ශූරයෝ ලෙස ඉන්දියාව පසුගිය වසරේ කිරුළ ගන්නාවිට මට ඒ කණ්ඩායමේ
සාමාජිකයෙක් ලෙස සිටීමට හැකිවීම ගැන සතුටට පත්වෙනවා.
පසුගිය වසර ගණනාවක් පුරා මගේ ක්රීඩාවට ප්රියකළ සියලුදෙනාටම මම මේ
අවස්ථාවේදී ස්තූති කරනවා.' 39 හැවිරිදි සචින් කීවේය.
ටෙස්ට් පිටියේ මෙන්ම එක්දින පිටියෙත් වැඩිම ලකුණු ලාභියා වන සචින් එක්දින තරග
463කදී ලකුණු 18426ක් රැස් කොට තිබේ.
1989 වසරේ පාකිස්තානයට එරෙහිව කරාච්චි නුවර දී එක්දින තරග වරම් ලැබූ සචින් මේ
වනවිට වැඩිම ශතක ලාභියා වූවත් ඔහුගේ පළමු එක්දින ශතකය සඳහා තරග 79ක් ගතවී තිබිණි.
එක්දින තරග පිටියේ ද්විත්ව ශතකයක් රැස්කළ පළමු පිතිකරු වන්නේ ද ඔහුය.
.
0 comments:
Post a Comment