Photobucket

Monday, December 31, 2012

ශෛල්‍ය වෛද්‍යවරයාගේ මාරුවට එරෙහිව බලපිටියේ උද්ඝෝෂණ

බලපිටිය මූලික රෝහලේ ශෛල්‍ය වෛද්‍ය පී.කේ රවීන්ද්‍ර මහතා මේ වසර මුල සිට කල්මුණේ රෝහලට මාරු කර යැවීමට බලධාරින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අද (31) පෙරවරුවේ සිට බලපිටිය රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වේ. 

මෙම උද්ඝෝෂණයට ගම්වාසීන් සහ භික්ෂූන් ද, හෙද හෙදියන්ද සහභාගී වී සිටිති. ගම්වාසීන් සහ භික්ෂූන් රෝහල ඉදිරිපිටත්, හෙද හෙදියන් රෝහල තුළත් උද්ඝෝෂණයේ යෙදෙති. රෝහල් කටයුතුවලට බාධා නොවන ආකාරයට හෙද හෙදියෝ උද්ඝෝෂණයේ යෙදෙන බවක් දකින්නට ලැබේ. සුපුරුදු දෛනික කටයුතු රෝහල තුළ සිදුවෙමින් පවතී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all