Photobucket

Thursday, December 6, 2012

ජිනීවාහිදී ශ්‍රී ලංකාවට මිත්‍ර රටවල සහාය ලබා දෙනවා

නව රුසියානු තානාපති

ලබන වසරේදී ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය තම රට නියෝජනය නොකළද ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබාදීම සඳහා අනෙකුත් මිත්‍ර රටවල සහයෝගය ලබාදීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නව රුසියානු සමූහාණ්‌ඩුවේ තානාපති ඇලෙක්‌සෙන්ඩර් ඒ. කර්වාවා මහතා පවසයි.

නව තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇලෙක්‌සෙන්ඩර් ඒ. කර්වාවා මහතා මෙසේද කීය. 2013 වසරේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය රුසියානු සමූහාණ්‌ඩුව දරන්නේ නැහැ. නමුත් 2014 වසරේදී යළිත් එහි සාමාජිකත්වය දරන්න අප බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන ජාත්‍යන්තර බලපෑම්වලදී ශ්‍රී ලංකාවට කිසිදු අසාධාරණයක්‌ සිදුවෙන්න රුසියාව කටයුතු කරන්නේ නැහැ. 2013 වසරේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය නොදැරුවත් එම වසරේදී සාමාජිකත්වය දරන රුසියාව සමඟ දැඩි මිත්‍රත්වයකින් කටයුතු කරන රටවල් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරනවා. බ්‍රසීලය ඇතුළු රටවල් රැසක්‌ නියෝජනය කරනු ලබන බ්‍රික්‌ (ඊරසජන) සංවිධානයේ සහාය ලබාගැනීමටත් අප කටයුතු කරන්න සූදානම්.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකාව මුළුමනින්ම ත්‍රස්‌තවාදයෙන් මුදාගැනීමෙන් අනතුරුව රටට එරෙහිව පැන නැගුණු ජාත්‍යන්තර බලපෑම්වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනීසිටීම ගැන ජනාධිපතිවරයාගේත් ශ්‍රී ලංකා රජයේත්, මහජනතාවගේත් විශේෂ ස්‌තූතිය රුසියාව වෙනුවෙන් ප්‍රකාශ කරන බව පැවැසීය. රුසියානු සමූහාණ්‌ඩුවේ ජනාධිපතිවරණයෙන් ජයගත් ව්ලැඩිමීර් පුටින් මහතා වෙත ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all