තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා
එක්ව 2012.12.12 දින දහවල් 12.12 ට නිත්‍ය කාණ්ඩයේ නව තැපැල් මුද්දර දහසයක්
අනුරාධපුර අභයගිරි විහාර සංකීර්ණයේ දී නිකුත් කෙරේ. තැපැල් සේවා ඇමැති ජීවන්
කුමාරතුංග, ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසුරිය මහත්වරුන්ගේ
ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්වේ.
ශත 50, රුපියල, රුපියල් 2.00, රුපියල්
3.00, රුපියල් 4.00, රුපියල් 4.50, රුපියල් 5.00, රුපියල් 10.00, රුපියල්
12.00, රුපියල් 15.00, රුපියල් 20.00 රුපියල් 25.00, රුපියල් 30.00 රුපියල්
40.00 රුපියල් 55.00, රුපියල් 75.00ට වටිනාකම්වලින් මේ මුද්දර යුක්ත වේ.
මහනුවර විෂ්ණු දේවාලයේ සඳකඩපහනත්, පොළොන්නරුව වටදාගෙයි සඳකඩ පහනත්,
බෙලිගල රජමහා විහාරයේ සඳකඩපහනත්, අභයගිරි විහාරයේ සඳකඩ පහනත්,
අනුරාධපුර ජේතවන විහාරයේ මුරගලත්, අරත්තන රජමහා විහාරයේ යක්ෂ රූප මුරගල,
අනුරාධපුර අභයගිරි ස්තූපයේ පද්ම නිධිමුරගල, බුත්තල දෙමටමල් විහාරයේ
මුරගලත්, අනුරාධපුර අභයගිරි රත්න ප්‍රසාදයේ මුරගල, තිස්සමහාරාම මුරගල,
අනුරාධපුර මහා විහාරයේ කොරවක්ගල්, පොළොන්නරුව ලංකාතිලක පිළිමගෙයි
කොරවක්ගල්, අනුරාධපුර ජේතවන විහාරයේ කොරවක් ගලක්, අනුරාධපුර මහා
විහාරයේ කොරවක්ගල්, යාපහුව ගජසිංහ කොරවක් ගල මේ මුද්දරවලින් නිරූපිතය.
උපාලි කරුණාරත්න
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment