Photobucket

Thursday, December 20, 2012

මාතලේ කොටසක් අවදානම් කලාපයක් කරයි

- ලිඳක් අඩි 30ක් ගැඹුරට ගිලා බසී

මාතලේ තොටගමුව ප්‍රදේශයේ කොන්ක්‍රීට් වලින් නිම කර තිබූ ලිඳක් (20) අඩි 30ක් පමණ ගැඹුරට ගිලා බැස තිබේ.ඊයේ කොස් ගසක් හා කිතුල් ගසක් ගිලා බසින ලද ස්ථානයට මීටර් 500ක් පමණ දුරින් මේය සිදුව තිබේ. 

භූ විද්‍යාඥ එම් .සී මොරේමඩ මහතා පැවසුවේ පොළව ඇතුලත හුණු ගල් ස්ථරය ඛාදනය වීමෙන් මේ ගිලා බැසීම සිදුව ඇති බවයි. කෙසේ වෙතත් මේ අවට නිවෙස් වල ජනතාව මේ පිළිබදව දැනුවත් කොට තිබෙන අතර ප්‍රදේශය අවදානම් කලාපයක් කොට තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all