උතුරු මැද පළාත් රගර් සංගමය මෙහෙය වූ උතුරු මැද පළාත් අන්තර් සමාජ රගර්
තරගාවලියේ ශූරතාව අත්කර ගැනීමට වැගනස් 'ඒ' කණ්ඩායම සමත්විය. අවසන් මහා
තරගයේ දී ලකුණු 29-5ක් ලෙස ඔවුන් වෙතින් පරාජයට පත්වූයේ ගනස් කණ්ඩායමය.
කණ්ඩායම් 12ක සහභාගිත්වයෙන් පසුගියදා අනුරාධපුරයේ දී පැවැති මේ
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස වැගනස් 'ඒ' පිලේ දුමින්ද වික්‍රමරත්න
සම්මාන ලැබීය.
රෙඩ් කැප් පිලට එරෙහිව ලකුණු 17-14ක ජයක් වාර්තා කළ ගාඩියන්ස් 'ඒ' පිලට පළඟ
ශූරතාව හිමිවූ අතර බඳුන ශූරතාව දිනාගනු ලැබුවේ ලකුණු 10-0ක් ලෙස ගාඩියන්ස් 'බී'
පිල පරාජයට පත්කළ රජරට බෆලෝ පිල විසිනි.
0 comments:
Post a Comment