මිනිස් පරිභෝජනයට නුසුදුසු, රුපියල් ලක්ෂ
7කට අධික වටිනාකමකින් යුතු ගම්මිරිස් කිලෝග්‍රෑම් 1000ක් වෙළෙඳපොළට එවීමට
සූදානම් කර තිබියදී පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුස්බැඳී අවර්ණවත්වූ මෙම ගම්මිරිස් තොගයට කාර්මික කටයුතු සඳහා යොදාගන්නා
සෞඛ්‍යයට අහිතකර තෙල් වර්ගයක් යොදා ඒවා නැවත වර්ණ ගන්වා වෙළෙඳපළට එවීමට
සූදානම් කර තිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි පිටකොටුව වේල්ල වීදියේ කරන ලද
වැටලීමකදී මෙම ගම්මිරිස් තොගය අත්අඩංගුවට ගෙන ඇත. ඉදිරියේදී මෙම ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පාරිභෝගික අධිකාරිය පවසයි.
0 comments:
Post a Comment