Photobucket

Friday, December 7, 2012

දෙමාපියෝ සටන දිනති

බකමූණ ගල්මුල්ල පාසැලේ හයෙන් ඉහළ පංති වෙනත් පාසැලකට අනුයුක්ත කිරීමට විරෝධය පා දෙමාපියන් විසින් කරන ලද උද්ඝෝෂණය සහ විරෝධයට අද (07) තෙවන දිනයේදී විසඳුමක් ලැබුණු බව වාර්තා වේ. උතුරු මැද මහ ඇමති එස්.එම්. රංජිත් මහතා විරෝධතාකරුවන් හා දුරකථනයකින් සම්බන්ධ වී මේ ගැටලුවට විසදුමක් දුන් බවත් ලෝක බැංකු ආධාර යටතේ සංවර්ධනය කරන පාසැල් 1000 වැඩ සටහනෙන් ගල්මුල්ල පාසැල ඉවත් කොට පළාත් සභා අරමුදලින් සංවර්ධනය කරන බවට මහ ඇමතිවරයා පොරොන්දු වී තිබේ. ඒ අවස්ථාවේ දෙමාපියන් ජයඝෝෂා නගමින් සතුට සමරා තිබේ.
 
කෙසේ වෙතත් ඊයේ (06) දිනයේ දී අදාල ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම උදෙසා දෙමාපියන් ගත් උත්සාහයන් ව්‍යාර්තව ඇත්තේ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේත්, කලාප අධ්‍යාපන කාර්යාලයේත් අධ්‍යක්ෂවරුන් විසින් තමන්ව මගහැරීම නිසා බව දෙමාපියන් පවසයි. ඊයේ උද්ඝෝෂණය අතරතුර බකමූණ මාර්ගය වසා දමන්නටත් සිදුවිය. විරෝධතාකරුවන් පළාතේ අධ්‍යාපන ඇමති පේෂල ජයරත්න මහතා සමඟ මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරන්නට උත්සාහ කළ විට අමාත්‍යවරයා ඔවුනට අසැබි ලෙස බැණ වැදුණ බවද දෙමාපියන් පවසයි. කෙසේ වෙතත් මේ වන විට විරෝධතාවය නිමාවී ඇති අතර තවදුරටත් දෙමාපියන් පාසැල තුළ රැදී සිටින බව වාර්තා වේ.
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all