අල්ලස් දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති ඉන්දියා ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් ලලිත්
බානොට් ඇතුළු පිරිස නැවත වාරයක් එහි නිලවරණයට ඉදිරිපත්වීම අන්තර් ජාතික
ඔලිම්පික් කමිටුවේ නීතිරීතිවලට අනුකූල නොවීමේ හේතුවෙන් එහි විධායක මණ්ඩලය
ඉන්දියාවේ සාමාජිකත්වය තහනම් කළේය.
2010 වසරේ ඉන්දියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී සිදූවූ බව
පැවැසෙන අල්ලස් දූෂණ වංචා හේතුවෙන් මාස 11ක් බන්ධනාගාර ගතව සිට පසුගිය මාසයේ
ඇප මත නිදහස ලැබූ ඉන්දියා ඔලිම්පික් සංගමයේ හිටපු ලේකම් බානොට් මෙවර ඉන්දියා
ඔලිම්පික් සංගම් නිලවරණයට තරග වදින බව වැඩ බලන සභාපතිවරයා තහවුරු කොට
තිබේ.
කෙසේවෙතත් තම සාමාජිකත්වය තහනම් කරනු ලැබූව ද නිලවරණයේ කිසිදු වෙනසක්
නොකරන බව ඉන්දියා ඔලිම්පික් සංගමයේ වැඩ බලන සභාපති විජේ කුමාර් මල්හෝත්‍රා
ප්‍රකාශ කළේය. 'රජයේ ක්‍රීඩා පනත යටතේ නිලවරණය පැවැත්වීමට අපට දිල්ලි
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලැබුණා. අපි ඒ අනුව කටයුතු කළා. අපිට රජයේ
නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කරන්න බෑ. නමුත් අන්තර් ජාතික ඔලිම්පික්
කමිටුව ඔවුන්ගේ තීරණය වෙනස් කරාවි කියා අපට විශ්වාසයි.' ඉන්දියා ඔලිම්පික්
සංගමයේ වැඩ බලන සභාපති විජේ කුමාර් මල්හෝත්‍රා මාධ්‍ය හමුවේ පැවැසීය.
නවදිල්ලිය (ඒ.එෆ්.පී.)
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment