සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (10 දා) සිට 17 වැනිදා
දක්‌වා ජාතික සෞඛ්‍ය සතිය ලෙස නම් කර තිබේ. මේ නිමිත්තෙන්
පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල, නගර සභාවල සහ ප්‍රාදේශීය
සභාවල පක්‍ෂ විපක්‍ෂ සියලු මන්ත්‍රීවරුන් තමන් සිටින
ප්‍රාදේශීය රෝහල්වලට අද (10 වැනිදා) දින ගොස් එහි අඩුපාඩු
සහ වෙනත් ගැටලු පිළිබඳව සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස
සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇත.
සෞඛ්‍ය සතියේ ආරම්භක දිනය අද (10 දා) මහජන සේවක දිනය වශයෙන් නම්කර තිබෙන අතර එදින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද පස් අවුරුදු ජාතික සෞඛ්‍ය සැලැස්‌ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාරදීමටද කටයුතු යොදා ඇත.
11 වැනිදා සුපිරිසිදු දිනය වශයෙන්ද 12 වැනිදා දැනුවත් දිනය වශයෙන්ද 13 වැනිදා විපරම් දිනය වශයෙන්, 14 වැනිදා නිවාරණ දිනය වශයෙන්ද, 15 වැනිදා අගයන දිනය වශයෙන්ද, 16 වැනිදා ආගමික දිනය වශයෙන්ද, 17 වැනිදා සැමරුම් හා වින්දන දිනය වශයෙන්ද නම්කර ඇත. ජාතික සෞඛ්‍ය සතියේ ආරම්භක උත්සවය ඇමැති ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පෙරවරු 8.00 ට ආරම්භ වේ.
චමින්ද සිල්වා
0 comments:
Post a Comment