ඉන්දියාව සමග කල්කටාවේ දී පැවැති තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට
සංචාරක එංගලන්ත පිල සමත්විය.
දෙවැනි ඉනිම සඳහා එංගලන්තය හිමිවු ලකුණු 41ක ජයග්‍රහී ඉලක්කය කඩුලු 3ක් දැවී
ජයගැනීමත් සමග ටෙස්ට් තරගමාලාව 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තයට
හැකිවිය.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 316කට දැවී ගිය අතර එංගලන්තය පළමු ඉනිම
සඳහා ලකුණු 523ක් රැස් කරමින් ඉන්දීයාවට වඩා ලකුණු 208ක් ඉදිරියෙන් සිටියේය.
ඉන්දියාවේ දෙවැනි ඉනිම ලකුණු 247කට සීමා වුයෙ ජයග්‍රහණය සඳහා එංගලන්තයට
ලකුණු 41ක පහසු ඉලක්කයක් ලබාදෙමිනි. එංගලන්ත පළමු ඉනිමේ දී ලකුණු 190ක් රැස්
කළ ඇලෙස්ටයාර් කුක් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment