Photobucket

Thursday, December 20, 2012

රතු වැස්ස මදිවට කහ වැස්සකුත්...

කුඹුරු යායකට පසු ගිය දිනක සුදු පැහැති ඝණ දියරයක් වැටිලා...

18 රාත්‍රියේ වලල්ලාවිට ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශයට ඇද හැළළුනු වර්ෂාවේ ජලය කහ පහැයෙන් යුක්ත‍යැයි ප්‍රදේශවාසීන් කියනවා.

ඉත්තපාන මාලඹේ මිරිස්වත්ත රාජ්‍ය වතුයායේ දෛනික ජල පරික්ෂණ මාපකයේ සවිකර ඇති භාජනයේ පිරි ඇති ජලය කහ පාටින් යුතුව තිබෙනවා.

එම බීකරය දිනපතා පැය විසිහතරෙන් හතර පිරිසිදු කර නැවත සවිකරණ එකක් වන අකර එහිද කහ පැහැති ජලය පිරීතිබෙන අතර ජලයේ දූවිලඅංශු වැනි කුඩක් තිබෙනවා.


මෙම ජලය පරික්ෂාකර වාර්තාවක් ලබා‍ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දැනුම් දුන් බව ප්‍රදේශිය ලේකම් වරයා සඳහන් කරනවා.

කළුතර දිස්ත්‍රිකයේම බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේ කුඹුරු යායකට පසු ගිය දිනක සුදු පැහැති ඝණ දියරයක් වැටී තිබීම හේතුවෙන් ළිං වල සහ ඇල දොල වල ජලය භාවිතයටද ජනතාව සැක පළ කරනවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all