Photobucket

Thursday, December 20, 2012

මහ වැස්සෙන්-ගංවතුරෙන් 20ක් මියයති

34කට තුවාල *14ක් අතුරුදන් *පවුල් 46627කට පීඩා

ඉකුත් දින දෙකේ රට පුරා ඇදහැළුණු මහ වැසි හේතුවෙන් සිදු වූ ජල ගැලීම් හා නාය යෑම් ඇතුළු ආපදා තත්ත්වයන් නිසා මරණ 20ක් සිදුව ඇති අතර පුද්ගලයන් 34ක් තුවාල ලබා තිබේ.

ඊයේ (19) දහවල් වනවිට අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 14කි. මේ අනුව දිස්ත්‍රික්ක 12ක පවුල් 46627ක් පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) ලාල් සරත් කුමාර මහතා දිනමිණට පැවසීය.

පුද්ගලයන් 180054ක් ආපදාවට ලක්ව ඇත. විපත් හේතුවෙන් අවතැන් වූ ජනතාව සඳහා තාවකාලික රැඳවුම් කඳවුරු 47ක් ස්ථාපිත කර තිබේ. එහි පවුල් 3394ක පුද්ගලයින් 9696ක් ලැඟුම්ගෙන සිටින බව සරත් කුමාර මහතා සඳහන් කළේය.

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 146ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 805කට අර්ධ හානි සිදුව තිබේ.

මාතලේ, හම්බන්තොට, නුවර, නුවරඑළිය, බදුල්ල, පොළොන්නරුව, කුරුණෑගල, හලාවත, පුත්තලම, අනුරාධපුරය, මඩකලපුව, ඇතුළු දිස්ත්‍රික්ක 12ක ජනතාව වැඩි වශයෙන් ආපදාවට ලක්ව ඇත.

අතුරුදන් වූවන් සොයා ගැනීම සඳහා මේ වන විට කණ්ඩායමක් යොදවා තිබේ. 

ඉදිරි දිනවල යම් අයහපත් ත්ත්වයක් ඇති වුවහොත් මුහුණදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් රටපුරා කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇත. දැනට හඳුනාගෙන ඇති ඉහත දිස්ත්‍රික්කවල ජනතාවට වීමට හැකි හානි පිළිබඳ විමසිලිමත් වන ලෙස එම මධ්‍යස්ථානය දැනුම්දීමක් කරයි. අනතුරු දායක ස්ථානවලින් ඉවත් වන ලෙසද දැනුම් දෙයි.



Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all