Photobucket

Thursday, December 20, 2012

ටියුෂන් ගුරුවරයාගෙන් මහාචාර්යවරුන්ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි

සා/පෙළ ප්‍රශ්න පත්‍ර අවුල

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න පත්‍රයක් විභාගයට පෙර සිසුන්ට ලබාදුන් පෞද්ගලික පන්තියක ආචාර්යවරයකු වූ සම්පත් අත්තටගේ මහතාගෙන් පසුගිය සඳුදා (17) රහස් පොලිසිය ප්‍රශ්න කර තිබේ. 

විභාග ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න ගණනාවක් සහිත විද්‍යාව ප්‍රශ්න පත්‍රයක් මේ ගුරුවරයා සිසුන් අතට පත් කිරීම හේතුවෙන් පසුගිය 18දා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එච්. එස්. ජේ. පුෂ්පකුමාර මහතා මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස රහස් පොලිසියට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න පත්‍රය සකස් කළ ආචාර්යවරුන්ගෙන්ද ප්‍රශ්න කර ඇති බව රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.

මේ පුද්ගලික පන්තියේ ලබා දුන් ප්‍රශ්න පත්‍රයේ විභාගයේදී නිකුත් කළ ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න 19 ක් ති බී ඇති අතර මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාට ලැබුණු පැමිණිලි මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට රහස් පොලිසියට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු කර ඇති අතර ඉදිරි දින කීපය තුළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට හැකි බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all