මේ මස 11 වැනි දින සිට 20 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත අ.පො.ස (සා. පෙළ)
විභාගය සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ අපේක්ෂකයන්ට විශේෂ සහනයක්
වශයෙන් පාසල් අයැදුම්කරුවන්ට තම විදුහල්පති සහතික කරන ලද උඩුකය ඡායාරූප දෙකක්
ශාලාධිපති වෙතට ඉදිරිපත් කිරීමෙන් විභාගයට පෙනී සිටීමට අවසර ලබා දී ඇත.
පෞද්ගලික
අයැදුම්කරුවන්ට ග්රාම නිලධාරි විසින් සහතික කරන ලද ඡායාරූප දෙකක් ප්රාදේශීය
ලේකම්වරයාගේ අනු අස්සනින් යුතුව ශාලාධිපති වෙත ඉදිරිපත් කළ හැකිය.
සිළුමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment