සුප්‍රකට
හොලිවුඩ් චිත්‍රපටයක් වන ‘ටයිටැනික්’ හී ප්‍රධාන චරිතය රඟපෑ ඔස්කාර්
සම්මානලාභි 37 හැවිරිදි රූමත් නිළි කේට් වින්ස්ලට් තුන්වැනි වරටත් විවාහ වූ
බව ‘සන්’ නැමැති ටැබ්ලොයිට් පුවත්පත වාර්ථා කරයි.
සිංහල දෙබස් කවන ලද ‘ටයිටැනික්’ චිත්‍රපටය නත්තල් දින ශ්‍රී ලංකාවේ
රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ද විකාශය කෙරිණ. මෙවර කේට්ගේ විවාහය සිදු වී ඇත්තේ බොහෝ රහසේ වීම මෙහි ඇති විශේෂත්වයයි. ඇයට ඉතා සමීප කිහිප දෙනෙකුට පමණක් ආරාධනා ලැබී තිබුණි.
ඇය
අතගත් මනාලයාට වයස අවුරුදු 34කි. කේට්‍ගේ ප්‍රථම විවාහ සිදු වූයේ 1998දී
ය. ඒ, ජිම් ත්‍රෙප්ලට් නැමැති චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයා සමගයි. එම
විවාහයෙන් කේට් දියණියක් ලැබුවාය. දෙවැනි වරට ඇය විවාහ වූයේ 2003 වසරේදී
සැම් මෙන්ඩස් නැමැති ඔස්කාර් සම්මානලාභි චිත්‍රපට අධ්‍යක්ෂවරයා සමගය.
“ඇමරිකන් බියුටි” නැමැති ජනප්‍රිය චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සැම් ය. එම
විවාහයෙන් පිරිමි දරුවකු එම දෙපොළට ලැබුණ අතර ඔහු ජෝඅල්ෆි නම් වේ.
0 comments:
Post a Comment