පාර්ලිමේන්තුවට අපහාස කරන
අරමුණ
රජයට
මඩ ගැසීම
* පත්‍රිකාවක් බෙදා දීලා
* ජගත් ප්‍රජාව අවුස්සන වෑයමක්
* ජගත් ප්‍රජාව අවුස්සන වෑයමක්
පාර්ලිමේන්තුවට හා එහි තේරීම් කාරක සභාවට අපහාස කරන හා ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාව උල්ලංඝනය කරන මාධ්‍ය හමුවක් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක
මූලිකත්වයෙන් ඊයේ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල දී පවත්වා තිබේ.
අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාවෙන් ඉවත් වූයේ ඇයි
(media release on why C.
J. walked out) යන තේමාව යටතේ පවත්වන ලද මේ මාධ්‍ය හමුවේ යටි අරමුණ ආණ්ඩුවට
එරෙහිව මඩ ප්‍රචාරයක් ගෙන යෑම හා ඒ ඔස්සේ අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාවට
එරෙහිව ඇවිස්සීම බව නීතිඥයෝ පිරිසක් පෙන්වා දෙති.
පාර්ලිමේන්තු තේරීම් කාරක
සභාව හෑල්ලුවට ලක් කරන අසත්‍ය හා ද්වේෂ සහගත කරුණු මෙහිදී දක්වා ඇති අතර
පත්‍රිකාවක් ද බෙදා දී තිබේ.
තේරීම් කාරක සභාවේ විමර්ශන තොරතුරු ජනමාධ්‍ය වෙත ලබාදීම හා මහජනයා අතර
ප්‍රසිද්ධ කිරීම ප්රශ්නකාරී තත්ත්වයක් ලෙස පවතින අවස්ථාවක මෙබඳු මාධ්‍ය
හමුවක් පැවැත්වීම සෑම අතකින්ම සදාචාර විරෝධී ක්‍රියාවක් බව නීතිඥයෝ පෙන්වා
දෙති.
ඊයේ (07) අළුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මාධ්‍යයන්ට අදහස් දැක්වූ
මේ සංවිධායකයෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හා ව්‍යවස්ථාදායකය නිර්දය ලෙස
විවේචනයට ලක් කර සිටි අතර පසුගිය 6 දින දෝෂාභියෝගය විමර්ශනය කරන
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සිදුවූ සිද්ධීන් ප්‍රසිද්ධියේ ගෙන හැර දක්වමින්
විවිධ අදහස් පළ කළහ.
මේ මාධ්‍ය හමුව පිළිබඳ මෙරට මාධ්‍ය ආයතනයන්ට දැනුම් දී තිබුණේ එය සී. ජේ. ගේ
මාධ්‍ය (අගවිනිසුරුවරියගේ යන්න හැඟෙන) හමුවක් ලෙසය.
අගවිනිසුරුවරියගේ මාධ්‍ය හමුවක් ලෙස මාධ්‍ය කැඳවමින් උපරිමාධිකරණ
සංකීර්ණය ඉදිරිපිට දී සංවිධායකයෝ කීප දෙනෙක් දෝෂාභියෝගය, තේරීම් කාරක සභාව
පිළිබඳ, ව්‍යවස්ථාදායකය, ස්ථාවර නියෝග හා තේරීම් කාරක සභාවේ සාමාජිකයන්
පිළිබඳ දිගින් දිගටම විවේචන එල්ල කළහ.
පසුගිය 06 දින අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාවෙන් ඉවත් වීම
(media release
on why C. J. walked out) යන මැයෙන් නිවේදනයක් නිකුත් කළේය. ‘ශ්‍රී ලංකා කොළඹ
නීතිඥවරුන්ගේ එකමුතුව‘ නමින් නිකුත් කළ එම නිවේදනයේ කිසිදු නිලධාරියකුගේ
අත්සනක් හෝ දිනයක් හෝ දක්වා නො තිබිණි.
එම නිවේදනයේ සඳහන් වූයේ අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට
මුහුණ දුන් අවස්ථාවේ සිදුවූ කරුණු සමුදාය බව ඔවුන් ඒත්තු ගන්වා තිබිණි.
කාරක සභා සාමාජිකයන් නොමනා ලෙස හැසිරුණු බව එහි සඳහන් කර තිබිණි.
එම නිවේදනය පැමිණ සිටි මාධ්‍යවේදීන්ට බෙදමින් සිටින අවස්ථාවේ නීතිඥවරු
කීපදෙනෙක් මාධ්‍යයට අදහස් දැක්වූහ.
ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල්හි විධායක අධ්යක්ෂවරයකු වූ ජේ. සී.
වැලිඅමුණ මහතා ද ඒ අතර විය.
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment