Photobucket

Sunday, December 30, 2012

ඉන්දියාවේදී අවයව ගලවාගෙන පෙට්‌ටියකින් ලංකාවට එවු ඉනෝකා දමයන්ති!

ඉනෝකා දමයන්ති නමැති අම්මා මිය ගොස්‌ ඇත. එසේත් නැත්නම් මරා දමා ඇත. මේ අම්මා මිය යන්නේ ස්‌වකීය අක්‌මාවේ කොටසක්‌ විකිණීමට යැමේදීය. නොඑසේනම් අක්‌මාව ගලවා ගැනීමට කරනු ලබන උත්සාහයකදීය. කෙසේ වෙතත් මේ මරණය අපව කම්පා කරන්නේය. අවයව ගලවා ගැනීම සඳහා නොමරනු ලැබුවේ නම් ජීවත්වීම සඳහා ස්‌වකීය අවයව විකිණිය යුතු තැනට පත්කරන ලද අම්මාවරුන් සහිත රටක වේදනාත්මක යථාර්ථය අපව පාරවන බැවිනි.

ඒ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

ඉනෝකා දමයන්ති 36 හැවිරිදිය. ඇය පදිචිංව සිටියේ කෑගල්ල මොළගොඩ මංගලමය. ඉනෝකා එක්‌ දියණියකගේ මවකි. දියණිය කෑගල්ල බාලිකාවේ 12 වන වසරේ ඉගෙන ගන්නීය. ඇයගේ වයස අවුරුදු 17 කි. ඇය ඩිල්ෂානි සඳරේඛා රත්නසිරිය.

ඉනෝකා මිය යන්නේ ඉන්දියාවේ චෙන්නායිහි ග්ලෝබල් නම් ආරෝග්‍ය ශාලාවේදී කරන ලද සැත්කමක්‌ වැරදීමෙනි. සැත්කම කරනු ලබන්නේ ඇයගේ අක්‌මාවේ කොටසක්‌ ඉවත් කිරීමට යැමේදීය.

දැන් මේ මරණය ගැන විසංවාදයක්‌ ඇතිවී තිබේ. ඉනෝකාට සැත්කම කරවන ලද පාර්ශ්වය මේ සම්බන්ධව දිවුරුම් ප්‍රකාශයක්‌ ඉදිරිපත් කරයි. ඒ අනුව ඉනෝකා විසින් පසුගිය මස 07 වැනිදා ජාතික පුවත්පතක පළවූ දැන්වීමකට අනුව අක්‌මාවෙන් කොටසක්‌ පරිත්‍යාග කිරීමට එකඟවෙයි. මේ පරිත්‍යාගයට කෘතගුණ සැලකීමක්‌ ලෙස ඇයට රුපියල් ලක්‍ෂ තුනක්‌ ලබාදීමට පරිත්‍යාග ලබන්නෝ ඇය හා එකඟවෙති. මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ නීතිඥවරියක්‌ විසින් මේ දිවුරුම් ප්‍රකාශය සහතික කරයි.

එහෙත් මරණකරුගේ පාර්ශ්වය මෙම දිවුරුම් ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කරයි. ඔවුන්ට අනුව ගිවිසුමේ අත්සන ව්‍යාජ එකකි. ඉන්දියාවට ඇය රැගෙන ගොස්‌ ඇයගේ අක්‌මාව ඉවත් කරගෙනය.

මේ මරණය පිළිබඳ සැබෑ කතාව මේ මොහොත වන තුරු හෙළිදරව් වී නැත. අප දැනට සිදුකරන්නේ ෙ€දවාචකයක්‌ බඳු සිද්ධියේ සාක්‍ෂි පෙළගැස්‌වීමකි.

මුල්ම සාක්‍ෂිය ඉදිරිපත් කරන්නේ අයිරින් ද සොයිසා (53) නමැති කාන්තාවකි. පදිංචිය මීගමුව කුලරත්න මාවතේ උළුඅම්බලමේය. ඇය මීගමුව හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය කීර්ති සිරිජයන්ත වික්‍රමරත්න හමුවේ දුන් සාක්‍ෂිය මෙසේය.

මා විවාහකයි. දෙදරු මවක්‌. මගේ රැකියාව ගුරු වෘත්තියයි. මියගිය තැනැත්තිය අප පත්තරේ දාපු දැන්වීමක්‌ අනුව අපව සොයාගෙන ආවා. මගේ පුරුෂයා ගාමිණී යන අයයි. ඔහුට අක්‌මාවේ රෝගයක්‌ තිබුණා. මහාචාර්ය ජනනද සිල්වා මහතා මගින් ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා.

ඔහුට අක්‌මාවේ කොටසක්‌ බද්ධ කිරීමට ඉන්දියාවේ චෙන්නායිවල ග්ලෝබල් රෝහලට යැමට මහාචාර්යවරයා අනුමත කළා. ඒ අනුව අක්‌මාවේ කොටසක්‌ ඉල්ලා දිනපතා පත්‍රවල පළ කළ දැන්වීමකට අනුව මියගිය ඉනෝකා අපව සොයා ආවා. මම ඇයට උදව් කරන බව කීවා. ඇය අක්‌මාවේ කොටසක්‌ දෙන්න කැමති වුණා. ඇගේ ලේ පරීක්‍ෂා කළා. ඒ ලේ ගැළපෙන බව කිව්වා. 2012 නොවැම්බර් 22 වෙනි දින මගේ සැමියාගේ අක්‌කා වන චිත්‍රා ද සිල්වා මහත්මිය සමග ඉනෝකා වෛද්‍ය පරීක්‍ෂණය සඳහා ඉන්දියාවට ගියා. එහිදී වෛද්‍ය පරීක්‍ෂණය සාර්ථක වුණා. නොවැම්බර් මස 28 වෙනි දින ඇය වෛද්‍ය පරීක්‍ෂණයෙන් අනතුරුව ලංකාවට පැමිණි පසුව මම ඇයට රුපියල් ලක්‍ෂ තුනක්‌ ලබාදෙන බවට දිවුරුම් ප්‍රකාශයක්‌ දුන්නා.

2012 දෙසැම්බර් මස 12 වෙනි දින සැත්කම සඳහා මමත්, ඉනෝකාත් සහ මගේ සැමියත් ඉන්දියාවට ගියා. දෙසැම්බර් මස 19 දින ග්ලෝබල් රෝහලේදී ඇයව සැත්කමට භාජන කළා. එහිදී ඉනෝකාගේ අක්‌මාවෙන් කොටසක්‌ සැමියාට බද්ධ කළා. දෙසැම්බර් මස 20 වෙනි දින ඇයට අමාරු වුණා. ඒ වනවිට ඇය සිහියෙන් හිටියා. දෙසැම්බර් මස 21 වෙනි දින දහවල් ඇය මියගියා. වෛද්‍යවරුන් කියා සිටියේ ඉන්ද්‍රියන් අක්‍රිය වීම නිසා ඇය මියගිය බවයි. මරණය ගැන කිසිවක්‌ සිතා ගැනීමට බැහැ යෑයි ඇය පැවසුවාය.

අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ. දයාපාල මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත් වූ අතර මරණ පරීක්‍ෂක වෛද්‍ය සිරිජයන්ත වික්‍රමරත්න මහතා විසින් තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබිණි.

දෙවන සාක්‍ෂිය ඉදිරිපත් කරන්නේ මිය ගිය ඉනෝකාගේ එකම දියණිය ඩිල්ෂානි සඳරේඛා ඇයගේ කතාව ඇසූවත් කම්පා කරවයි.

'මේ මියගිය අම්මා 12 වැනිදා නිවසින් ගියේ. මා හඳුනන වැඩම්ලාගේ මහත්තයාට අසනීප නිසා සාත්තු කිරීමට මම යනවා. ඔවුන් ඉන්නේ ඉන්දියාවේ කියලයි. එදා සිටම 17 වනදාතුරුම කතා කළා හොඳින් ඉන්නවා කීවා. අඳුනන කෙනෙක්‌ ළඟ නිසා බය වෙන්න එපා කීවා. ඒත් මේ අක්‌මාවේ කතාවක්‌ අපට කියා නැහැ.'

අක්‌මාවේ කොටසක්‌ දෙන බවට දිවුරුම් ප්‍රකාශයේ ගිවිසුම අපට හමුවුණා. එහි අත්සන අම්මාගේ නොවෙයි. එහි සඳහන් අකුරුත් අම්මාගේ නොවෙයි. මේ අත්සන හොරට යොදා තිබෙන්නේ. මේක හරිම අපරාධයක්‌.

අම්මාගේ විදේශ ගමන් බලපත්‍රය පවා වෙනස්‌ කරලා. ඒකත් හොරට හදාපු එකක්‌. අම්මාගේ උපන් දිනය 1975.09.23 යි. එය 1983.09.23 කියා වෙනස්‌ කරල. හැඳුනුම්පතෙහි අංකය 757671379 ඩ. ඒකත් 837675235ඩ විදියට වෙනස්‌ කරල. අඩු වයසක්‌ දමලා පෙන්නලා තිබෙන්නේ. මේවා කවුරු කළාද අම්මා දැනුවත්ව කළාද එහෙම නොමැතිව අම්මාව මුළාකර මේවා කළාද කියා අප දන්නේ නැහැ. අම්මා කිසි දිනක මෙහෙම දෙයක්‌ කළා කියා අපට හිතෙන්නෙ නෑ.

ඊළඟ සාක්‍ෂිය ඉදිරිපත් කරන්නේ මියගිය ඉනෝකාගේ පියා වන කේ. ජී. විඡේරත්නය. ඔහු කියන්නේ මෙවැනි කතාවකි.

පසුගිය 21 වැනි දින මගේ දුරකතනයට රාත්‍රී 11 ට පමණ පණිවුඩයකින් කතාකර ඔය සංගීතාගේ තාත්තාද කියා ඇහුවා. මම ඔව් කීවා. සංගීතා කියන නම පිට අය දන්නේ නැහැ. ගමේ අය පමණයි සංගීතා කියන නම දන්නේ. ඒ නිසා මම උත්තර දුන්නා. ඊට පස්‌සේ සංගීතා ඉන්දියාවේ ගියාද කියා ඇහුවා. ඔව් කීවා. සංගීතා ඉන්දියාවේදී මිය ගොස්‌ තිබෙනවා බොඩි එක ගන්න හෙට උදේ 5 ට කටුනායකට එන්න කියා කීවා. මම කීවා බොරු කියන්න එපා කියා. නැහැ ඇත්තමයි කියා කීවා. මට මේ කතාව විශ්වාස කරන්න බැරි නිසා කෑගල්ල පොලිසියට ගිහින් විස්‌තරය කියලා පැමිණිල්ලක්‌ දමන්න ඕනෑ කිව්වා. පොලිසියෙන් ඇහුවා කාටද පැමිණිල්ල දමන්නේ කියා. උදේ කටුනායක ගිහින් බලන්න කියා පොලිසියෙන් කීවා. මම එතනදී මගේ ෙµdaන් එක පොලිසියට දීලා කතා කරන අයගේ නම අහගත්තා.

දුරකථනයට කතාකර තිබෙන්නේ මීගමුව කුලරත්න මාවතේ පදිංචි ෙ-. ඒ. එම්. වීරසූරිය කියලා කෙනෙක්‌ බව දැනගත්තා. අපි ඔවුන් කිසිවෙක්‌ හඳුනන්නේ නෑ. මේ සේරම අය මේකට සම්බන්ධයි. පසුව අපි කටුනායකට ගියාට පසු ඔවුන් නැවත කතා කරලා ගුවන්තොටුපල ළඟට එන්න කිව්වා. එතනට ගියාට පස්‌සේ මෘතශරීරය මල්ශාලාවට ගෙන යමු කීවා. එතන කාන්තාවක්‌ සිටියා. එයා ඔය මැඩම් කියන අය වෙන්න පුළුවන් කියා අපි සිතුවා.

'ඇය කීවා මගේ මහත්තයා අසනීප වෙලා ඉන්දියාවේ ඉන්නේ. එයාට අවශ්‍ය වෙලා තමයි ඉනෝකාගේ අක්‌මාවේ කොටසක්‌ ගත්තේ. එයා කැමැත්තෙන්මයි දුන්නේ. මුදල් දෙන්න කීවා. ඉනෝකා තෝරා ගත්තේ අක්‌මාව දෙන්න. 60 දෙනෙක්‌ විතර ආවා. ඒත් හොඳම එකක්‌ වශයෙන් අපි ඉනෝකාගේ අක්‌මාවෙන් කොටසක්‌ ගත්තා කීවා. මේ සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න අවශ්‍ය නැහැ. අපි මුදල් දෙන්නම් ඕන තරම්. ඒ වාගේම දුවටත් සලකන්නම් කියා කීවා.

මේ ගැන අපට සැක සිතුන නිසා සිද්ධිය කටුනායක පොලිසියට පැමිණිලි කළා. එහිදී පොලිසිය විසින් මෘතශරීරය මීගමුව රෝහලට භාර දුන්නා. එහිදී පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා ශරීරයේ කොටස්‌ රස පරීක්‍ෂක වෙත යෑවීමට කටයුතු කර ලබන මස 11 වැනිදාට නැවත පරීක්‍ෂණ පවත්වන බව පැවසුවා. මරණයට හේතුවක්‌ කීවේ නැහැ.

එහෙත් පරීක්‍ෂා කරන ලද අධිකරණ වෛද්‍යවරයා මට කීවා අක්‌මාවේ කොටසක්‌ නොවේ මුළු අක්‌මාවම නොමැති බවට සැක සහිත බව. ඒ අනුව ශරීරයේ වැදගත් කොටස්‌ සියල්ලම ගෙන ඇතැයි අපට සැක සිතෙනවා මෘතශරීරය කපා මැහුම් දමා තිබූ ආකාරයට.

අප ඇසූ දුටු දේ

අපි ඉනෝකාගේ මරණ ගෙදරට ගියෙමු. මෘතශරීරය මුද්‍රd තබා වසා තිබිණි. මෘතශරීරය හඳුනා ගැනීමට නොහැකිසේ ඉදිමී නරක්‌ව ගොස්‌ තිබුණු බව නිවැසියෝ කීහ. මීට පෙර පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ වෛද්‍යවරිය අප සමග කියා තිබුණේ ඇය දින ගණනකට පෙරදී මියගොස්‌ ඇති බවය. මරණගෙදර හැම තැනම ඇත්තේ සැකය මුසු වේදනාවය. ඒ මරණය පිළිබඳ අවසන් කටයුතු පසුගිය 26 වැනිදා බදාදා ගල්පාත සුසානභූමියේදී සිද්ධ වුණේය. එහෙත් සියල්ල අවසන් නැත. මනුෂ්‍යත්වයෙන් ෙ€දවාචකය මිනී පෙට්‌ටියක දමා සීල්කර වළලා දැමිය නොහැකි බැවිනි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all