Photobucket

Sunday, December 30, 2012

මතින් මත් වී අඳනය පිටින් අයාලේ ගිහින්

බීමත්ව මොටර් රථයක් පැදවු චීවරධාරියෙකු අනුරාධපුර මුලස්ථාන පොලිසියේ රථවාහන අංශය මගින් අනුරාධපුර ඔරලෝසු කණුව වටරවුම ආසන්නයේදී අත්අඩංගුවට පත් වී ඇත.  අනුරාධපුර රථවාහන අංශයේ නිළධාරීන් 29 වනදා රාත‍්‍රියේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක නිරතවී සිටිද්දී මෝටර් රථයෙන් අධික ලෙස බීමත්ව තවත් හිමිනමක් සහ ගිහියන් දෙදෙනෙකු සමග ගමන් කළ චීවරධාරියා අත්අඩංගුවට පත්ව ඇත. 

චීවරධාරියා අත්අඩංගුවට පත්වන අවස්ථාවේ අඳනකඩයෙන් සිටි බව පොලිසිය පවසන අතර පොලිස් නිළධාරීන්ට මුදල් මිටියක් පෙන්වා එය රැගෙන තමන්ව නිදහස් කරන ලෙසද ඉල්ලීමක් කර ඇතත් නීතිය අකුරට ක‍්‍රියාත්මක කල පොලිස් නිළධාරීන් චීවරධාරියාව අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් චීවරධාරියා සමග සිටි අනෙක් චීවරධාරියාත් ගිහියන් දෙදෙනාත් බීමත්ව සිටිි බවද පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් තිදෙනෙකු අවවාද කර පොලීසිය විසින් මුදාහැර ඇති අතර බීමත්ව මෝටර් රථය පැදවු හිමිනමද පොලිස් ඇප මත මුදාහැර ලබන වසරේ ජනවාරි මස 07 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට පොලිස් නිළධාරීන් නියෝග කර ඇත. 

අනුරාධපුර මුලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක තිස්ස විතාන මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ සිදු කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all