ගම්‍පොළ
ජිනරාජ බාලිකාවන් විසින් ලංකාවට පමණක් නොව ආසියාවටම අලුත් රෝගයක් හඳුන්වාදී
තිබේ. උතුරේ යුද්ධය කාලයේ මැරෙන අයගේ සංඛ්‍යා ලේඛන දිනපතා ඉදිරිපත් කළා
සේම රෝහල් ගතවන බාලිකාවන් ගැන අපේ මධ්‍ය සංඛ්‍ය ලේඛන ඉදිරිපත් කරමින්
තිබේ. රෝහල් ගත වන බාලිකාවන් ගැන අපේ මාධ්‍ය සංඛ්‍යා ලේඛන දිනපතා ඉදිරිපත්
කරමින් තිබේ.
කාර්යාලවල පාරෙ තොටේ, ත්‍රීවීල් පාක්වල සක්මන් මළුවල හැමතැනම කතාබහට
මාතෘකාවක් ලැබි තිබේ.” ගෑනු ළමයින්ට කැසිල්ල, “කියා බාලිකාවන් අවඥාවට
විහිළුවට ලක් කර හාස්‍ය රසය විඳගන්නට ද සමහර පිරිමින්ට අවස්ථාවක් ලැබි
තිබේ. පර්යේෂණ විමර්ශන මාධ්‍ය සාකච්ඡාද පැවැත්වේ. මෙය මානසික රෝගයක් යැයි
ඇතැම් වෛද්‍යවරු කියති. එහෙම වෙන්න පුළුවන්ද? මානසික රෝග එහෙමත් හැදෙනවද?
සිය ගණනකට එකවර? අසන්නෝ ප්‍රශ්න කරති. මෙය මානසික රෝගයක් බව සමාජයට ඒත්තු
ගන්වන්නට වෛද්‍යවරුන්ටද තවමත් හැකියාවක් ලැබි නැත. මේ නිසා මෙය දේවකෝපයක්
යැයි කියන අය ද සිටිති. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරුවනට දේවාල කපුවනට පේන
කියන්නන්ට” “කල්ල මරේ” පොටක් පෑදෙමින් තිබේ.”
මෙය මානසික රෝගයක් බව කියන වෛද්‍යවරුන් ඒ ගැන ප්‍රමාණවත් සාක්ෂ්‍ය ඉදිරිපත් නොකරන්නේ ඇයි? ඔවුන් ඒ සඳහා සාක්ෂ්‍ය ඉදිරිපත් කළා නම් මාධ්‍යවලින් ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රචාරයක් නොදෙන්නේ ඇයි? දරුවන්ගේ සාමාන්‍ය ජනයාගේ භයානක රසයට ඇති ලොල් බවෙන් උපරිම ලාභ ලබමින් සිත් බියට පත් කරවන ටෙලිනාට්‍ය, ගුවන් විදුලි වැඩසටහන් දහවලේ ද රාත්‍රියේ ද ප්‍රචාරය කරන පත්තර පිටු ගණන් අද්භූත කතාවලින් පුරවා බඩ වඩා ගන්නා මාධ්‍ය කරුවන් මේ රෝගය ගැන මනෝවෛද්‍ය විග්‍රහයන් පළ කිරීමට උනන්දු නොවන්නේ ඇයි? ව්‍යසනය එයයි. විද්‍යාත්මක විග්‍රහයකට පස්ස හරවන විද්‍යානුකූල සාක්ෂ්‍ය මගින් තහවුරු කර ගැනීමට නුහුරු නුපුරුදු සමාජයක මෙවැනි වසංගතයන්් ව්‍යාප්ත වීමට පවතින අධිවේගී මාර්ග ඇතැම් ජනමාධ්‍ය බව කනගාටුවෙන් නමුත් කිව යුතුය.
කැසිල්ල හිස්ටීරියාවක්ද? මාස් හිස්ටීරියා (Mass Hysteria) වෙන්න පුළුවන්ද?
Mass Hysteria Mass sociognic illness වගේ නම්වලින් හඳුන්වන රෝගවල මූලික ස්වරූපය වන්නේ එක් අයකුට ඇතිවන රෝගී තත්ත්වයක් දැක බියට පත්වන අනෙක් අයටත් එම රෝගී තත්ත්වයම හෝ ඊට ආසන්න රෝගී තත්ත්වයක් ඇති වීමයි. මුලින්ම රෝගී වුණ තැනැත්තා හෝ කීප දෙනෙක් භෞතික හේතුවක් මත අසනීප වන නමුත් සෙසු අය රෝගී වන්නේ එම රෝගය දැක බියට පත්වීමෙනි.
බාලිකා මාස් හිස්ටීරියාවේ රජත ජයන්තිය ලංකාවේදී

බාලිකා මාස් හිස්ටීරියා රෝගය ගැන මුලින්ම වාර්තාවන්නේ 1962එනම් මීට වසර පනහකට පෙර ටැන්සානියාවෙනි. ටැන්සානියා බාලිකා පාසලක එක් පන්තියක සිසුවියකට ගුරුතුමියක උගන්වමින් සිටියදී සිනා පහළ විය. ඇය සිනාසුනාය. ඉල කැඩෙන තුරු සිනාසුනාය. ඇයගේ සිනහව නවත්වා ගත නොහැකි විය. ඒ දෙස බලා සිටි තවත් සිසුවියකට ද නවත්වා ගත නොහැකි සිනාවක් ඇති විය.
ඉන් පසුව එම පාසල සිනා සාගරයක් විය. ළමයින්ගේ සිනහව ගුරුවරුනට දෙමාපියනට ඇඬෙන කාරණයක් වූයේ සිනා රෝගය ව්‍යාප්ත වන්නට පටන් ගත් නිසාය.
සිනා රෝගය: දින 16ක් තුළ පාසලේ බාලිකාවන් 159 දෙනෙකු සිනා රෝගයට ගොදුරු වීම නිසා 1962 මාර්තු 18 දින එම පාසල වසා දැමීමට සිදු විය. එහෙත් වෙනත් බාලිකා පාසල්වලට ද රෝගය ව්‍යාප්ත වී අප්‍රේල් මැයි, ජූනි, මාසවල තවත් බාලිකාවන් 275 දෙනෙකු සිනා රෝගයට ගොදුරු විය.
රෝගයට ගොදුරු වූයේ 12-18 අතර බාලිකාවන් පමණකි. ගුරුවර-ගුරුවරියන් කිසිවෙකුට වැළඳුනේ නැත.
එංගලන්ත
බාලිකාවන්ගේ ළතෝනි රෝගය: 1965දී එංගලන්තයේ බාලිකා පාසලක සිසුවියන් කීප
දෙනෙක් දත්මිටි කමින් මහහ¾ඩින් විලාප දෙන්නට ගත්තා. අපිරිසිදු වාතශ්‍රය
නිසා කීප දෙනෙකුට මේ රෝගී ලක්ෂණ ඇති වුවද පසුව මානසික බලපෑමෙන් 80 කට වැඩි
පිරිසක් රෝගී වූහ.
1970 මැලේසියාවේ පාසල් බාලිකාවන් ද හිස්ටීරියා තත්ත්වයකින් පීඩා විඳි බව වාර්තා වේ. 1983දී පලස්තීනයේ බටහිර ඉවුරේ සිසුවියන් ද 943 දෙනෙකු මෙලෙස රෝගී වූ බව වාර්තා වෙයි.
ගම්‍පොළ ජිනරාජ කැසීමේ රෝගය පෘතුගාලයෙන්;
ජිනරාජයෙන් ආරම්භ වී රට පුරා පැතිර යන කැසීමේ රෝගයට සමාන රෝගයක් 2006 වර්ෂයේ පෘතුගාලයෙන් වාර්තා විය. ඇඟ කැසීම,පලු දැමීම ක්ලාන්තය යන රෝග ලක්ෂණ පෙන්වන සිසුවියන් එක් පාසලකින් වාර්තා වූ අතර පසුව තවත් පාසල් 18කට ව්‍යාප්ත විය. රෝගී වූ සංඛ්‍යාව 300 කට අධිකයි.

බෘෘනායි බාලිකාවෝ කෝලම් නටති
2008දී බෘෘනායි රාජ්‍යයේ බාලිකා පාසල්වල අමුතුම රෝගයක් ව්‍යාප්ත විය. විකාර නැටුම්, හඬා වැටීම්, වෙවුලන අය නිසා පාසල් කෝලම් මඩු බවට පත්විය. එය තවත් ආකාරයක මාස් හිස්ටීරියාවකි.
2008දී බෘෘනායි රාජ්‍යයේ බාලිකා පාසල්වල අමුතුම රෝගයක් ව්‍යාප්ත විය. විකාර නැටුම්, හඬා වැටීම්, වෙවුලන අය නිසා පාසල් කෝලම් මඩු බවට පත්විය. එය තවත් ආකාරයක මාස් හිස්ටීරියාවකි.
මාස් හිස්ටීරියා ඇමෙරිකාවටත්,
2007 දී ඇමෙරිකාවේ මෙක්සිකෝවෙන් උණ ඔක්කාරය, ඇවිදීමේ අපහසුව යන රෝග ලක්ෂණ සහිත හිස්ටීරියාවට ගොදුරු වූ සිසුවියන් ගැන වාර්තා වේ. 2011 හා 2012 වර්ෂවලද ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ උසස් පාසල්වල බාලිකාවන් මෙම රෝගයට ගොදුරු විය. කර්මාන්තශාලාවල වැඩ කරන තරුණියන්ටත් මෙවර එම රෝගය වැළඳීම විශේෂත්වයක් වූ අතර වයස 35ක් පමණ කාන්තාවක් ද ඒ අතර විය.

දුවන රෝගය නිසා ගුරුවරු ද දුවති
1962 දී ටැන්සානියාවේ ඇති වූ මාස් හිස්ටීරියා තත්ත්වයට නිසි ප්‍රතිකර්ම නොකළ බැවින් දැන් එම රෝගය ටැන්සානියානු බාලිකාවකට පොදු රෝගී තත්ත්වයක් බවට පත්ව ඇත. වරින් වර හිස ඔසවා සැඟවෙයි. 2008දී ඇතිවූ තත්ත්වයකදී එක් පාසලක බාලිකාවන් පිස්සුවෙන් මෙන් පාසල පුරා දිවීමට පටන් ගෙන ඇත. මතෛක් ගුරුවරුනට මෙවැනි රෝග නොවැළඳුනද ගුරුවරුන් ද දුවන්නට වූයේ දුවන ළමයින් අල්ලා ගැනීමටය.

ගම්‍පොළ ජිනරාජ කැසීමේ රෝග නිධානය
ජිනරාජ බාලිකාවේ සිසුවියන් මුල් වරට රෝගී වූයේ නොවැම්බර් 12 වනදාය. එදින සිසුවියන් 17 දෙනකු රෝගී වී තිබේ. රෝගී සිසුවියන් ඉගෙන ගත් පන්තිය හුනුදුවිලි සහිත වූ නිසා පන්තිය සෝදා පිරිසිදු කර තිබේ. විද්‍යාලය අසලින් ගලා යන කුණු ඇළ හා පාසල අවට පහත් බිම් ගොඩ කිරීමට යෙදූ කුණු ගොඩවල් නිසා අපිරිසිදු වාතාශ්‍රය නිසා ළමුන් එක් අයකු හෝ කීප දෙනෙකු අසනීප වන්නට ඇත. පසු දින දීපවාලි නිවාඩුව විය. බදාදා යළි සිසුවියන් අසනීප වන්නට පටන් ගත්තේ භෞතික හේතුවක් නිසා නොවන බව මාස් හිස්ටීරියා ඉතිහාසය කියවීමෙන් පමණක් වුවද වටහා ගැනීම අපහසු නැත.

මෙම රෝගය භෞතික හේතුවක් නිසා නොවන බවට පහත සාධකයද සාක්ෂ්‍ය දරනු ඇත.
1. පාසලේදී පමණක් වැළඳීම
2. පාසල් අසල නිවාසවල ළමයින් කුඩා දරුවන්ට එය බල නොපෑම
3. එකකට එකක් ආසන්න පාසල්වලද නොව දිවයින පුරා තැනින් තැන රෝගය මතුවීම
4. පාසල් කාලයෙන් පසු ළමයින් විශාල වශයෙන් ටියුෂන් පන්ති යන නමුත් ඒවායේදී ළමයින් අසනීප නොවීම. (ගම්‍පොළ ජිනරාජ විද්‍යාලයට ආසන්නව පෞද්ගලික පන්ති පැවැත්වෙන ස්ථාන ගණනාවක් ඇති නමුදු බදාදා දින හෝ පසු දිනයක වුව එම ආයතනවල ළමුන් අසනීප වුණේ නැත)
5. රෝග බෝවීමට හොඳටම ඉඩ සලසන පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථවලදී ළමුන් මෙම රෝගයට ගොදුරු නොවීම
මෙවැනි නිරීක්ෂණ පර්යේෂකයන්ට තවත් ලබා ගත හැක. සති දෙකක් ගත වුවද රෝගය ගැන නිශ්චිත අදහසක් නැති අපේ ආයතනවල අය මාස් හිස්ටීරියා ගැන ජාත්‍යන්තර අත්දැකීම් හැදෑරිය යුතුය. එය ආසියාවට අලුත්ය. එහෙත් යුරෝපයට අප්‍රිකානු රටවලට වසර පනහක් පරණය. මතෛක් කලකට අප වෙත එන්නට නොහැකි තත්ත්වයකින් දැන් අප පීඩා විඳින්නේ සමාජයේ සිදු වූ කුමන වෙනස්කම් නිසාද? හිස්ටීරියා පෝබියා තත්ත්වයන්වල අනාගත ප්‍රතිඵලය කුමක් වේද? පාසල්වල ළමයින් භීතියකට පත්වන්නේ නම් පෞද්ගලික පන්ති, ජාත්‍යන්තර පාසල්වල මතෛක් එම තත්ත්වය නැත්තේ මන්ද? කායික හානි ක්ෂණිකව පිටතට පෙනෙයි. මානසික හානි නොපෙනෙයි. පෙනෙතත් ඒ මානසික හානි කායිකව බලපාන විටකදීය. ළමා මනසට හානි කිරීම කායික ළමා අපචාරවලට වඩා බිහිසුණුය. එහෙත් ඒ ගැන හිතන්නේ සොයන්නේ බලන්නේ කවුරුද?
මාස් හිස්ටීරියා හා මාස් මීඩියා
මාස් හිස්ටීරියා පාලනය කළ හැක්කේ මනෝ උපදේශන වැඩසටහන් හා දැනුවත් කිරීම් මගින් පමණි. අවාසනාවකට මෙන් ලංකාවේ ආකල්ප අනුව මනෝ උපදේශනය පිස්සන් සඳහා පමණක් අවශ්‍ය වූවක් ලෙස සැලකෙයි. නියපොත්තෙන් කැඩිය හැකිව තිබූ දෙයක් පොරොවකින්වත් කැපිය නොහැකි සේ අතු ඉතිලා වැඩෙන්නේ අපේ පසුගාමී ආකල්ප නිසාය. මෙයට නිසි ප්‍රතිකර්ම නොකළහොත් මේ තත්ත්වය තවත් වර්ධනය වනු ඇත. සාමාන්‍ය පෙළ විභාග දක්වා මෙය පැවතුණහොත් විභාග දිනවවල වේගයෙන් ව්‍යාප්ත වීම තුළින් ජාතික මට්ටමේ ව්‍යසනයක් බවට පත් විය හැක. විභාග පැවැත්වෙන්නේ පාසල් නිවාඩු කාලය තුළ බැවින් අධ්‍යාපන අමාත්‍යංශයට, සෞඛ්‍ය අමාත්‍යංශයට ළමා කාර්යංශයට කළ හැකි වැඩ කොටස සීමා සහිත වනු ඇත. එවිට සිදුවනුයේ දෙමාපියන් පිළිසරණ පතා යකැදුරන් කපුවන් වෙත යාමයි. රතුවැස්ස, කැසීමේ රෝගය දෙසැම්බර් අග සිදුවනවා යැයි (අමනෝඥ තක්කඩියන්) කියන ලෝක විනාශයේ පෙර නිමිති බව කියමින් රට බිය වද්දන්නට ගුප්ත ජාවාරම්කරුවන් දැනටමත් පටන් ගෙන ඇති බැවින් ඔවුනට උඩගෙඩි නොදී ප්‍රගතිශීලී මාස් මීඩියාවල අයවත් මාස් හිස්ටීරියා ගැන සමාජය දැනුවත් කිරීමේ ජාතික වගකීම දැරිය යුතුය.
එච්.ජී. දයාසිසිර - ශ්‍රී ලංකා නිදහස් චින්තකයන්ගේ එකමුතුව
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment