ජීවිතාන්තය
තෙක් විභාග සහ රාජකාරි තහනම්
වරදක් කළොත් අතීත විභාග සහතිකත් අවලංගුයි?
විභාගවලදී බරපතළ අක්රමිකතාවන්ට සම්බන්ධ වන පුද්ගලයන්ට දැඩි දඬුවම් දීමට හැකි වන අයුරින් විභාග පනත සංශෝධනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එවැනි පුද්ගලයන්ට ජීවිතාන්තය දක්වා විභාගවලට පෙනී සිටීම
මෙන්ම විභාග රාජකාරි තහනම් කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට
දැනට පවතින 1968 අංක 25 දරන පනත යටතේ විභාග කොමසාරිස්
ජනරාල්වරයාට බලය ඇතත් ඔවුන් සතුව පවතින සියලුම විභාග
සහතිකද අවලංගු කිරීම වැනි දැඩි දඬුවම් දීම සඳහා පවතින ඉඩකඩ
නිරවුල් නොවන හෙයින් පනත සංශෝධනය කිරීමේ තීරණය ගෙන තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ෂ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිට කළ රහස්‍ය මුද්‍රණ අංශයේ මංගල මුණසිංහ මහතාට විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන කිසිදු විභාගයකට පෙනී සිටීම ජීවිතාන්තය දක්වා තහනම් කර ඇති අතර ඔහු මෙතෙක් ලබාගෙන ඇති විභාග සහතික පවතින පනත යටතේ අවලංගු කළ හැකිද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් විමසන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්.
ඡේ. පුෂ්පකුමාර මහතා "දිවයින"ට පැවැසීය.
ඒ මහතා එලෙස ප්‍රකාශ කළේ මංගල මුණසිංහ මහතා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි අප කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
පවතින පනත යටතේ එවැනි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඇති බලතල අපැහැදිලි හෙයින් නීතිපතිවරයාගෙන් විමසීමට සිදුවන බවත් නීතිපතිවරයාගෙන් නොවිමසා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන අයුරින් පනත සංශෝධනය කරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
මේ අතර ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන අතරතුර උද්ගත වන හදිසි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය වැනි උපදෙස් ලබාගැනීම සඳහා රහස්‍ය මුද්‍රණ අංශයට මුද්‍රණ උපදේශකවරයකුගේ සේවය ලබාගැනීමටද දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ මුද්‍රණ යන්ත්‍රය හිරවීමෙන් පසුව ප්‍රශ්න පත්‍රයේ පිටු දෙක ගලවා ගත් බවට මංගල මුණසිංහ මහතා කළ ප්‍රකාශයෙන් පසුවය.
එමෙන්ම රහස්‍ය අංශයේ සේවය කරන කාර්ය මණ්ඩලයට විභාග කාලසීමාවේදී දෙපාර්තමේන්තුවෙන් පිටතට යැම සීමා කිරීමටද පියවර ගෙන ඇත.

0 comments:
Post a Comment