Photobucket

Friday, December 28, 2012

වෙලගෙදරට ආබාධයක්

ඔස්ට්‍රේලියාව ට එරෙහිව මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ දෙවැනි දිනයේ පාදයේ ආබාධයකට ලක්වූ වේග පන්දු යවන චානක වෙලගෙදර ගේ තත්ත්වය මඳක් බරපතළ බවත් ඔහුට ඔස්ට්‍රේලියානු සංචාරයේ ඉදිරි තරගවලට සහභාගි වීමට සැක සහිත බවත් ඊයේ තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු මාවන් අතපත්තු කියා සිටියේය.

වෙලගෙදර වෙනුවට ශ්‍රී ලංකාවෙන් වෙනත් වේග පන්දු යවන්නෙක් කැඳවනවාද, එසේ කැඳවනු ලබන ක්‍රීඩකයා කව්රුන්ද යන්න පිළිබඳව තේරීම් කමිටුව රාත්‍රියේ රැස්වී තීරණය කරන බවද අතපත්තු ප්‍රකාශ කළේය. ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ටෙස්ට් කඩුලු රකින්නා වන ප්‍රසන්න ජයවර්ධන අද තරගයේදී පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරනු ඇති බවත් එහෙත් ඔහු කඩුලු රැකීමේ කාර්යයේ නිරත නොවනු ඇති බවත් මාවන් අතපත්තු වැඩි දුරටත් කියා සිටියේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all