Photobucket

Thursday, December 6, 2012

රජයේ රෝහල් රසායනාගාර විද්‍යාඥයන් අද වර්ජනයක

වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා රජයේ රෝහල්වල රසායනාගාර විද්‍යාඥයන් අද (06) දහවල් 12.00 සිට සවස 5.00 දක්වා සියලුම රසායනාගාර වසා දැමීමට කටයුතු කර තිබේ. රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයන් වෛද්‍ය විද්‍යාල සභාවේ අවිධිමත් ලෙස ලියාපදිංචි කිරීමෙන් කොළඹ විශ්වවිද්‍යාලයේත්, කොළඹ වෛද්‍ය පීඨයේත් රසායනාගාර පාඨමාලා විකිණීම වහාම නතර කරන ලෙසත් ඉල්ලා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති ජනක නිශාන්ත මහතා පැවැසීය.

වෛද්‍ය විද්‍යාල සභාවට සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට කළු ඇඳුමින් සැරසී පා ගමනින් පැමිණ දැවැන්ත සත්‍යග්‍රහයක නිරතවන බවද හෙතෙම කීය.

කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම පිළිකා රෝහල සහ ශික්ෂණ රෝහල්වල ජීවිතාරක්ෂක කටයුතු පමණක් කරන බවද සංගමය අවධාරණය කර සිටී.
 
ශ්‍රියානි විජේසිංහ 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all