Photobucket

Thursday, December 20, 2012

ජාතික බොක්සිං කිරුළ ස්ලිම්ලයින් පිලට

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 86වැනි ජාතික බොක්සිං තරගාවලියේ වඩාත්ම අවධානයට ලක්වූ බැන්ටම් බර පංතියේ අවසන් තරගය 21-14ක් ලෙස ජය ගැනිමට වසර 2කට පසුව බොක්සිං වළල්ලට අවතීර්ණ වූ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ මංජු වන්නිආරච්චි සමත්විය. තරගයේ මුල්වට දෙක තුළදී වන්නිආරච්චි ඉදිරියෙන් සිටි අතර අවසන් වටයේදී ඔහුට තියුණු තරගයක් දීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ඩබ්ලිව්.වීරක්කොඩි සමත්විය.

මහනුරව සිටි සෙන්ටර් හී බොක්සිං වළල්ලේදී පසුගියදා පැවැති මේ තරගාවලියේ කණ්ඩායම් ශූරතාව ලකුණු 37ක් ලබාගත් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය හිමිකරගත් අතර අනුශූරතාව ලකුණු 18ක් ලැබු ශ්‍රී ලංකා යුද හමුදාවට හිමිවිය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව තෙවැනි ස්ථානයට පත්විය.

තරගයේ (විද්‍යානුකූල) දක්ෂතම ක්‍රීඩකයාට හිමි සර් විලියම් මැනින් අභියෝග කුසලානය ගුවන් හමුදාවේ එම්.වයි.එම්.දිල්ෂාන් හා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මාස් සදර්න් ‍‍පිලේ ඩබ්ලිව්.ශෂිකලා සම්මාන හිමිකර ගත්හ. 

දක්ෂතම පරාජිතයාට හිමි ඩොනල්ඩ් මුණසිංහ අභි‍යෝග කුසලානය යුද හමුදාවේ ඒ.චන්ද්‍රකුමාර දිනාගත් අතර දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස පොලිස් පිලේ ශිරෝමාලා වීරරත්න සම්මාන දිනාගත්තාය. 

වසරේ දක්ෂතම ‍බොක්සිං ක්‍රීඩිකාව සම්මානය සිය බොක්සිං දිවියේ අවසන් තරගාවලියට සහභාගි වූ මාස් සදර්න් බොක්සිං කණ්ඩායමේ අනුෂා කොඩිතුවක්කු විසින් දිනා ගනු ලැබීය.

මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, මහනුවර පුරපති මහේන් රත්වත්ත සහ බොක්සිං සංගමයේ හිටපු සභාපති ඩයන් ‍ගෝමස් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්විණි.
අවසන් ප්‍රතිඵල මෙසේය.

පිරිමි- කි.ග්‍රෑ. 91ට වැඩි - ඩබ්.සඳුන් ( ගුවන් හමුදාව), කි.ග්‍රෑ. 91ට අඩු - බී සම්පත් (නාවික හමුදාව), කි.ග්‍රෑ. 81ට අඩු- සුරංග මුදන්නායක( ස්ලිම් ලයින්), කි.ග්‍රෑ.75- එම්.දිවාරත්න ( යුද හමුදාව), කි.ග්‍රෑ.69- පී.රාජපක්ෂ (ස්ලිම් ලයින්), කි.ග්‍රෑ.64-ආර්.ගුණතිලක (ගුවන් හමුදාව), කි.ග්‍රෑ.60- ආර්.ගුණතිලක (ස්ලිම් ලයින්), කි.ග්‍රෑ.56 – මංජු වන්නිආරච්චි (ස්ලිම් ලයින්), කි.ග්‍රෑ.52- පී.ඩී.සුරේෂ් (ස්ලිම් ලයින්), කි.ග්‍රෑ.49- එම්.ප්‍රභාෂ්වර (ලීනියා)

කාන්තා - කි.ග්‍රෑ.81ට වැඩි- ටී.වීරසිංහ (යුද හමුදාව), කි.ග්‍රෑ. 81- ජී.සිල්වා (ගුවන් හමුදාව), කි.ග්‍රෑ.75ට අඩු - ඩබ්.ශෂිකලා (මාස් සදර්න්), කි.ග්‍රෑ.64- ජේ.ජයසේකර (මාස් සදර්න්), කි.ග්‍රෑ. 60ට අඩු- එල්.උදයංගනී (මාස් සදර්න්), කි.ග්‍රෑ.57- කේ.හංසිකා ( මාස් සදර්න්), කි.ග්‍රෑ.54- විදුෂිකා ප්‍රබාධි ( මාස් සදර්න්), කි.ග්‍රෑ. 51- කේ.සිල්වා (මාස් සදර්න්), කි.ග්‍රෑ. 48- නිල්මිණි කෝසලා (මාස් සදර්න්)
.


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all