Photobucket

Thursday, December 20, 2012

අහසින් වැටුණු කිඹුල් පැටියා!

මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුල්තානාගොඩ ප්‍රදේශයට පසුගිය (17දා) රාත්‍රි 11ට පමණ ඇද හැලුණු වර්ෂාවත් සමඟ කිඹුල් පැටවකුද පොළොවට පතිත වී ඇත.

 අඩි එකහමාරක් පමණ දිගකින් යුක්ත මේ කිඹුල් පැටවා වැසි ජලයත් සමඟ පොළොවට පතිත වන ආකාරය සුල්තානාගොඩ පදිංචිකරුවකු දැක ඇති අතර, පසුව එම කිඹුල් පැටවා අල්ලා බේසමකට දමා වනජීවී නිලධාරීන්ට දැනුම්දී තිබේ. ඊයේ (19දා) සවස 5 පමණ වනතුරුත් කිඹුල් පැටවා රැගෙන යෑමට වනජීවී නිලධාරීන් පැමිණ නැතැයිද අනාවරණය විය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all