දක්ෂතම ක්‍රීඩකයා ඩිල්ෂාන්
ක්‍රීඩිකාව ශෂිකලා
ක්‍රීඩිකාව ශෂිකලා

දක්ෂතම පරාජිතයා ලෙස යුද හමුදාව නියෝජනය කළ ඒ.පී.ජී. චන්ද්‍රකුමාර (වෙල්ටර් බර පන්තිය) ද, දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඩී.ඩී.එස්. වීරරත්න (මිඩ්ල් බර පන්තිය) ද තිළිණ ලැබූහ.
මෙවර තරගාවලියේ පිරිමි ශූරතාව ස්ලිම් ලයින් “ඒ” ක්‍රීඩා සමාජය (ලකුණු 37) දිනාගත් අතර, මාස් සදර්න් “ඒ” ක්‍රීඩා සමාජයට කාන්තා අංශයේ සමස්ත ශූරතාව හිමි විය.
පිරිමි අනුශූරතාව යුද හමුදා “ඒ” පිල (ලකුණු 18) ටද, කාන්තා අනුශූරතාව මාස් සදර්න් “බි” පිලටද හිමි විය.
මෙවර තරගාවලියේ මූලික වටයේ සිට අවසන් පූර්ව වටය දක්වා මහනුවර පල්ලෙකැලේ පිහිටි ලීනියා ඇඟලුම් ආයතන ක්‍රීඩා ගාරයේදී පැවැති අතර, අවසාන මහා තරග සහ සමාප්ති උත්සවය පසුගිය අඟහරුවාදා (18) මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරුණි.
තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් වරදකරු වෙමින් දෙවසරක ක්‍රීඩා තහනමකට ලක්ව සිටි ජාතික ක්‍රීඩක මංජු වන්නිආරච්චි මෙවර බැන්ටම් බර පන්තියේ රන් පදක්කම හිමි කර ගැනීම කැපී පෙනුණි. තම තහනමෙන් පසුව දේශීය බොක්සිං වළල්ලට පැමිණි මංජු අදාළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම මෙන්ම කාන්තා අංශයේ ප්‍රබලතම ක්‍රීඩිකාවක වන ඩී.ඩී.එස්. වීරරත්න අවසාන තරගයේදී ඩබ්ලිව්.අයි.එස්.එස්. ශෂිකලා හමුවේ පරාජය වීමද කැපී පෙනුණි.
0 comments:
Post a Comment