Photobucket

Saturday, December 22, 2012

රු: කෝටි 500කට වැඩි ඇ: ඩොලර් මුද්‍රණයට සූදානම් කරලා

ජාවාරමට සම්බන්ධ විදේශ යුවළ අත්අඩංගුවට
රුපියල් කෝටි පන්සියයකට වැඩි වටිනාකමකින් යුත් අමෙරිකානු ඩොලර් නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමට සූදානම්ව සිටි විදේශික යුවළක් පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්ඩායමක් ඊයේ (21) කොළඹ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම යුවළ ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් හැට අටලක්ෂයක් පමණ වටිනා ඩොලර් 100 මෝට්ටු 450ක් සැකකරුවන් ළඟ තිබී හමු වී ඇත. මෙම යුවලේ පිරිමි ජාතිකයා කැමරුන් වන අතර කාන්තාව මාලී රටේ බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

සැකකරුවන් දෙදෙනා ව්‍යාජ ඩොලර් සියයේ නෝට්ටු හාර ලක්ෂ විසි දෙදහසක් නිෂ්පාදනය කිරීම සඳහා සකස් කැර තිබූ කඩදාසි තොගය, මුද්‍රණ යන්ත්‍රය සහ ඩිජිටල් සේප්පු දෙකක් සහ සුඛෝපභෝගි මෝටර් රථයක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසීය.

කොළඹ ගාලු මුවදොර ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගි හෝටලයක මෙම යුවළ රැඳී සිට ඇත. මෙම යුවළ සැත්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ව්‍යාජ ලෙස මුද්‍රණය කළ අමෙරිකානු ඩොලර් ජනතාව අතරට පත් කැර ඇතැයි පොලිසිය සැකකරයි.

සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකායට වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දී ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all