මේ පිළිබඳව භූ විද්‍යා සමීක්‌ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එම්. පී. විජයානන්ද මහතා ගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීය.
මෙම භූ චලනයන් පිළිබඳව අපි දැඩි අවධානයකින් සිටිනවා. ඒ අනුව අපට මෙම භූ චලනයන් සෙනසුරාදා දිනවල වැඩි වශයෙන්ම සිදුවන බව පෙනී ගියා. අපි මෙම සෙනසුරාදා දිනයේද භූ චලනයන් ඇති වෙතැයි සිතුවා. ඒ අයුරින්ම පෙරේදා යළිත් භූ චලනයන් සිදුවුණා. දැනට පෙනී ගිය කරුණු අනුව අපට වැටහෙන්නේ ස්‌වාභාවික ක්‍රියාවලියකට වඩා මිනිස් ක්‍රියාවලියන් නිසා මේවා සිදුවන බවයි. ඉදිරියේදී මේ තත්ත්වය තවත් පැවතියහොත් දැනට සිදුකරන පරීක්‌ෂණ කටයුතු තවත් පුළුල් කිරීමට කටයුතු කරනවා. යම් කිසි ආයතනයක් ඉදිකිරීම් කටයුතු කිරීමේදී මෙලෙස සිදු වෙනවා නම් එම ආයතනය අප ආයතනයට මෙම පිපිරුම් සම්බන්ධව දැනුම් දුනහොත් මෙලෙස භූ චලනයන් සිදු නොවී අදාළ කටයුතු කිරීමට අප ආයතනයට උපදෙස් ලබාදීමට හැකියි.
0 comments:
Post a Comment