Photobucket

Sunday, December 9, 2012

ජනවාරි 01 දා සිට ‘ලංගම - ප්‍රයිවෙට්’ එකට

ලබන ජනවාරි මස 01 වැනිදා සිට ලංගම හා පෞද්ගලික බස් රථ සියල්ල ඒකාබද්ධ කාලසටහනක් යටතේ ධාවනය කරනු ලබන බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී.රත්නායක මහතා සිළුමිණට කීය.

මේ වන විට 70%ක් පමණ බස් රථ සේවා ඒකාබද්ධ කර ඇතැයි පැවසූ ඇමැතිවරයා බස් රථ ඒකාබද්ධ කිරීම තුළින් මඟීන්ට මෙන්ම ලංගමටත් පෞද්ගලික බස් රථ සේවාවටත් ඵලදායක වන බවද කීය. 
 
ඒකාබද්ධ සේවා තුළින් ලංගමට අසාධාරණයක් වන බවට ඇතැමුන් අසත්‍ය චෝදනා කලත් ඒකාබද්ධ ගමන් වාර සකසන්නේ ලංගමට 40%ක් හා පෞද්ගලික බස් රථ සඳහා 60%ක් වන පරිදි බව ද ඇමැතිවරයා කීය. 

ලංගම බස් රථ 7000කටත් අඩු ප්‍රමාණයකට පෞද්ගලික බස් රථ 25000ක් පමණ ධාවනයේ තිබෙන බව ද කී ඇමැතිවරයා ගමන් වාර සකසා ඇති 60% සහ 40% අනුපාතය ලංගම බස් රථ සේවයට වඩාත් ඵලදායී වන බවද කීය.

තාරක වික්‍රමසේකර
සිළුමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all