ඉත්සුකුෂිමා ආරාමය
මියාජිමා යනු ජපානයේ සංස්කෘතික උරුමයන් බොහොමයක් අයත් නගරයකි. ඉත්සුකුෂිමා ආරාමය මියාජිමාවේ සංස්කෘතික ලක්ෂණ මොනවට විදහා දක්වන සිද්ධස්ථානයකි. ඉත්සුකුෂිමාව මුලින්ම නිර්මාණය කරන ලද්දේ හයවන සියවසේ අගභාගයේදීය. වර්තමානයේ දක්නට ලැබෙන්නේ 1168 වර්ෂයේදී ‘තයිරානෝ ක්යෝමොරි’ විසින් නවීකරණය කරන ලද ගොඩනැගිල්ල වේ.

නව ගොඩනැගිල්ලෙහි විශේෂත්වය වනුයේ මුහුද මත ඉදිකර තිබිමයි. මෙම ගොඩනැගිල්ල ප්‍රසිද්ධවී ඇත්තේද ශ්‍රේෂ්ඨ
සහ අද්විතීය නිර්මාණයක් ලෙසය. අතිමනරම් උසස් පෙනුමෙන් පිළිබිඹු කරනුයේ
ෂින්දෙන් හෙවත් දෙවියන්ට පුදපූජා කරන කුටියක දක්නට ලැබෙන කලාත්මක
සුන්දරත්වයයි.
ඉත්සුකුෂිමා සිද්ධස්ථානයට මීටර 200කට පමණ ඉදිරියෙන් මුහුද මතවූ ‘ඕ තොරියි’ දෙවියන්ට ආරාධනා කිරීම සඳහා නිර්මාණය වූ දොරටුවකි. (දෙවියන් එම දොරටුව මත එක පාදයක් තබා දේවස්ථානයට පිවිසෙන බවට ජපන් ජාතිකයන්ගේ විශ්වාසයක් පවතී) මෙම දොරටුව දිදුලන රත්පැහැයෙන් වර්ණවත් කර ඇති අතර ‘මියාජිමාහි සංකේතය’ ලෙස හඳුන්වනු ලබයි.
ඉත්සුකුෂිමා සිද්ධස්ථානය 1996 වසරේදී අගනා වස්තුවක් ලෙස ලෝක උරුමයන් අතරට එක් කරන ලදී. වර්තමානයේ විවිධ කාලවලදී විවිධවූ සංස්කෘතික උත්සවද මෙම ගොඩනැගිල්ල ආශ්‍රිතව ඉදිරිපත් කරනු දක්නට ලැබේ.
තහතෝ ෙචෙත්‍යය
ඉත්සුකුෂිමා අසලම පිහිටි තහතෝ නම් ෙචෙත්‍යය 1523 දී නිර්මාණය කරන ලද්දකි. එහි උස මීටර 15.6ක් වන අතර ප්‍රධාන කොටස් නිර්මාණයකොට ඇත්තේ ජපන් පන්නයට අනුවය. තහතෝ ෙචෙත්‍යයේ ඇතැම් ගොඩනැගිලි ක්‍රමවලදී ඉන්දියානු හා චීන ආභාෂයේ ආකෘති ලක්ෂ-ණද දැකිය හැක. එහි පහළ කොටස සමචතුරස්‍රාකාරවද උඩුකොටස් වක්‍රාකාරවද අද්විතීය සංකලනයකින් යුතුව නිර්මාණයකොට ඇත.

සෙන්ජෝකකු ෙචෙත්‍යය
සෙන්ජෝකකු ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ හෝකොකු සිද්ධස්ථානයේ ප්‍රධාන ශාලාව ලෙසය. මෙය එකල බෞද්ධ සූත්‍ර ඇතුළත් පුස්තකාලයක්ව පැවතුණද එහි ආරම්භකයා වූ තොයොතොමි හිදෙයොෂිගේ ඇවෑමෙන් මෙහි ඉදිකිරීම් අතරමග නතරවිණි.

ඒ අසල නිර්මාණයවී ඇති මහල් පහක දාගැබ මීටර් 27ක් උස්වන අතර එය 1407 දී නිර්මාණයකොට ඇත. මෙම දාගැබෙහි ඇතුළුපස බිත්ති බුදුරජාණන් වහන්සේගේ සිතුවමින් වර්ණවත්කොට ඇත.
ඕමොතෝ ආරාමය
ඕමොතෝ ආරාමය ඉත්සුකුෂිමා ෙචෙත්‍යයට ඉතාම ළංව ඕමොතෝ උද්‍යානයේ පිහිටා ඇත. එම ස්ථානය අතීතයේ යුද පිටියක්ව පැවැති ස්ථානයකි. මෙම චෙත්‍යය විශේෂයෙන්ම ප්‍රකටව ඇත්තේ ලී පතුරු යොදාගෙන එහි වහලය සෙවිලිකර ඇති බැවිනි. මෙම ආරාමය ජපානයේ පැරණිතම වහල සෙවිලි කිරීමේ ක්‍රම යොදාගෙන ඇත.

ඕමොතෝ උද්‍යානය
මෙම උද්‍යානය පැරණි ශාක බොහොමයකින් වටවී ඇති අතර විවිධ තුවලදී ඊට ආවේණික වූ සෞන්දර්යාත්මක දසුන් මවනු දැකිය හැක. වසන්ත සමයේදී සකුරා මලින්ද, ග්‍රීෂ්ම තුවේදී අසෙලියා මලින්ද බර වන අතර, සිසිර තුවේදී අලංකාරවත්ව වර්ණ සංකලනය වන මේපල් ශාකද නිසා මෙම උද්‍යානය ස්වභාවික සෞන්දර්යයෙන් පිරී යයි.

චතුරී මහේෂිකා
ලක්බිම ඇසුරින් පල කරන ලදී.
ලක්බිම ඇසුරින් පල කරන ලදී.
0 comments:
Post a Comment