පස් හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කොට ඝාතනය කිරීමත් සමග එවැනි ස්ත්‍රී දූෂකයන්ට සහ ළමා අපයෝජකයන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ශ්‍රී ලංකාව තුළ ජන මතයක් නිර්මාණය වෙමින් පවතියි.
ඇතැම් දේශපාලඥයින් සහ සමාජයේ බහුතරයක් එය ක්‍රියාත්මක කළ යුතුය යන ස්ථාවරය දරන අතර සිටින අතර ඇතැමෙක් එයට එරෙහි වෙති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන්නේ නම් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාවට නගන බවයි.
ලොව වටා රටවල් එකසිය හතළිහක මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවන බව ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙයි.
'නොසලකා හැරීම'
මරණ දඬුවම ක්‍රියාත්මක කළ පසු යළි වෙනස් නොකළ හැකි පවසන ඇම්නස්ටි ජාත්‍යන්තරය, වරදකරුවකු නොවන පුද්ගලයකුට මරණ දණ්ඩනය ලබා දීමට ඇති ඉඩකඩ ශූන්‍ය නොවන බව අවධාරණය කරයි.
බන්ධනාගාරගත කිරීම හා සැසඳීමේදී මරණ දඬුවම ලබා දීම හරහා සමාජයට බලපෑමක් සිදුවන බවට සාක්ෂි කිසිවක් නොමැති බවත් මානව හිමිකම් සංවිධානය කරුණු සහිතව පෙන්වා දෙයි.
"මරණීය දණ්ඩනයට ලක් කිරීම යනු ප්‍රචණ්ඩත්වයේ ලක්ෂණයකි. එය ඊට විසඳුමක් නොවේ."
වැඩි වශයෙන් පුද්ගලයන් මරණ දණ්ඩනයට ලක් කරන ඇතැම් රටවල නීති පද්ධතිය දැඩි මතභේදයට තුඩු ඩී තිබේ. චීනය, ඉරානය සහ ඉරාකය වැඩි වශයෙන්ම එය ක්‍රියාත්මක කරන රටවල් බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි.
"නීති පද්ධතියේ වූ නොසලකා හැරීම හේතුවෙන් දිළින්දෙකු හෝ යම්කිසි සුළු ජනකොටසකට හෝ ආගමකට අයත් නම් මරණ දණ්ඩනයට යටත් කිරීමට වැඩි ඉඩකඩක් තිබේ."
තම මතයට විරුද්ධ මතයක් දරන දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව ඇතැම් රටවල් මරණ දඬුවම ක්‍රියාත්මක කොට ඇති බවත් ඇම්නස්ටි ජාත්‍යන්තරය සඳහන් කරයි.
මරණ දඬුවම ලබා දීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයන්:
- හිස ගසා දැමීම
- විදුලි පුටුව
- එල්ලා මරා දැමීම
- මාරක එන්නත් ලබා දීම
- වෙඩි තබා මරා දැමීම
ඇම්නස්ටි ජාත්‍යන්තරයේ වාර්තාවලට අනුව 2014 වසර තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කළ රටවල් 22කි.
ඇෆ්ගනිස්තානය, බෙලරුසියාව, චීනය, ඊජිප්තුව, ඉක්වටෝරියල් ගිනීයාව, ඉරානය, ඉරාකය, ජපානය, ජෝර්දානය, මැලේසියාව, උතුරු කොරියාව, පාකිස්තානය, පලස්තීනය, පලස්තීනය සහ ගාසා තීරයේ හමාස් අධිකාරිය, සෞදි අරාබිය, සිංගප්පුරුව, සෝමාලියාව, සුඩානය, තායිවානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, වියට්නාමය සහ යේමනය ඒ රටවල් 22 යි.
මේ අතුරින් ආසියානු සහ අප්‍රිකානු රටවල් බොහොමයක් මුස්ලිම් රාජ්‍යයන්.
0 comments:
Post a Comment