Photobucket

Monday, September 21, 2015

ජාතික ලැයිස්තුවෙන් අසුනක් ඉල්ලා නඩු මගට

දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ තමන්ට යළිත් එම මන්ත‍්‍රී ධූරය ලබා දෙන ලෙසත් , පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරු ලෙස පත් කිරීම බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් තිස්ස විතාරණ මහතා (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

තමන්ව ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටී.

මෙම පෙත්සමේ මැතිවරණ කොමසාරිස්වරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්වා වර්ණපාල, එහි හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණ මහලේකම් ටිල්වින් සිල්වා, ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති පරාජිත අපේක්ෂකයින් 11 දෙනා සහ නීතිපති ඇතුළු 15 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all