Photobucket

Monday, September 21, 2015

මිගමු- කොළඹ විද්‍යුත් දුම්රියක්

ලංකාවේ පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව මලයාසියා සමාගමකට  දීමට  යයි.

මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ග පද්ධතියක් ගොඩනැගීම   සඳහා ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුමකට එළඹ තිබෙන්නේ මැලේසියාවේ එයාර් එක්ස්ප්‍රස්- එයාර් ඇන්ඩ් රේල් කම්පැනි  ප්‍රයිවට් ලිමිටඩ් සමාගමයි.

ශක්‍යතා වාර්තාවට   ඩොලර් මිලියන  5 ක පමණ මුදලක් ආයෝජනය කරන අතර   රජයෙන් අනුමැතිය හිමිවූ පසුව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.

විද්‍යුත් දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 42 කි. කටුනායක ගුවන් තොටුපොළේ සහ කොළඹ කොටුවේ   පර්යන්ත දෙකක් ඉදිකරන අතර දුම්රියට පිවිසුම් ස්ථාන බෝපිටියේ සහ කෙරවලපිටියේ ගොඩනැගීමට සැලසුම් කර ඇත.

බෝපිටියේ පිවිසුමට ආසන්නව අක්කර 150 ක ඉඩම්   මිලදී ගනිමින් සියලු පහසුකම් සුපිරි නගරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. මේ සියලු ඉදිකිරීම් 2018 වසර අවසන් වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all