Photobucket

Monday, September 21, 2015

ජග්මෝහන් දල්මියා දිවියෙන් සමුගනී

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වූ ජග්මෝහන් දල්මියා මහතා ඊයේ (20 වැනිදා) අභාවප‍්‍රාප්ත විය. මිය යන විට 75 වැනි වියේ පසුවූ දල්මියා මහතා කොල්කටා නුවර පෞද්ගලික රෝහලකදී අවසන් හුස්ම හෙළීය.

ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩාව ලෝකයේ ඉහළම තැනකට ඔසවා තබමින්, එහි මූල්‍ය ශක්තිමත්භාවය මනාව වර්ධනය කළ දල්මියා මහතා පසුගිය බ‍්‍රහස්පතින්දා හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකරන ලදි. පසුව ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් තිබූ නමුත් ඊයේ දෙවැනි වරට ඇතිවූ හෘදයාබාධයකින් හෙතෙම අවසන් හුස්ම හෙළීය.

වර්ෂ 1987 දී මෙන්ම 1996 දීත් කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු ආසියානු කලාපයට ගෙන ඒමේ පුරෝගාමියකු වූ දල්මියා මහතා 1997 දී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සභාපතිවරයා වශයෙන්ද තේරී පත්විය.

”පසුගිය ජූනි මාසයේදී මට ඔහු හමුවුණා. ඒත් ඒ අවසාන වතාවට යයි මට නිකමට වත් හිතුණේ නෑ...ඔහුගේ පවුලේ අයටත් හිත මිතුරන්ටත් මගේ හෘදයංගම කණගාටු ප‍්‍රකාශ කරනවා”

”ඔහුගෙන් ලැබුණු සහයෝගය මට හැමදාමත් ආශිර්වාදයක් වුණා. කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් මහත් වෙහෙසී කටයුතු කළ ඔහු පරිපාලන නිලධාරියෙක් වශයෙනුත් අති විශිෂ්ටයි” යයි ලෝකයේ විශිෂ්ටතම කි‍්‍රකට් කී‍්‍රඩකයකු වූ සචින් තෙන්ඩුල්කාර් ට්විටර් පණිවුඩයක් තබා තිබිණ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all