Photobucket

Friday, March 1, 2013

පෙම්වතුන්ගේ අනවසර පෙම් උයන නීත්‍යානුකූල වේ

අනුරාධපුර පිටිසරබද පෙදෙස්වලින් පන්ති සඳහා අනුරාධපුර නගරයට සේන්දුවන යහළු යෙහෙළියන්ගෙන් ඇතැම් අය පොත්ටික බෑගයට දමාගෙන ප්‍රේමයේ රස - ගුණ බලන්නට අනුරාධපුර රණවරා වැවට (පොන්නාරම් කුලම්) වැදී දවස පුරා කැලෑකුට්ටිවලට වී පන්ති පවත්වති.

මේ හෝඩුවාව වරක් නොව නිතරම පාහේ අනුරාධපුර පොලිසියට ලැබෙන්නට වීම නිසා දෙසතියකට වරක් පමණ පෙම් උයනට කඩා වැදී පෙම් ජෝඩු පනහක් හැටක් පොලිසියට ගෙන ගොස් ඉගෙන ගන්නා දරුවන් නිසා අවවාද කොට නිදහස් කරති.

ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් මහතා ගේද සහාය ඇතිව යෞවනයන්ගේ නීති විරෝධි පෙම් උයන නවීකරණය කොට යාවත්කාලීනව පවතින්නට, එන අයගේ සුදුසුකම් බලා ලියාපදිංචි කොට රුපියල් සියයක් වැනි සුළු බදු මුදලක් අය කොට උදය 9 සිට සවස 5 දක්වා පෙම්වතුන්ට පෙම් සුව විඳින්නට දැන් මේ පෙම් උයන සකස් කර තිබේ.

තවමත් මේ පෙම් උයන හඳුන්වා ඇත්තේ “ස්වභා උයන” ලෙසිනි. නමුත් පෙම්වතුන් මේ ස්ථානය හඳුන්වන්නේ “සුපිරි පෙම් උයන” ලෙසිනි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all