ඉල්ලීම් දෙකක් මුල් කරගෙන කොළඹ ජාතික රෝහලේ සේවය කරන සියලු
වෛද්‍යවරු අද (01 දා) උදැසන 8 සිට හෙට (02 දා) උදැසන 8 දක්‌වා
එක්‌දින සංකේත වැඩවර්ජනයක නිරත වෙති.
රජයේ වෛද්‍යවරුන්ගේ 2013 වාර්ෂික ස්‌ථාන මාරුවීම් ලැයිස්‌තුවේ පවතින අක්‍රමිකතා ඉවත් කිරීම හා 2012 වසරේ කල් ඉකුත්වූ ස්‌ථාන මාරුවීම් ලැයිස්‌තුවට අනුව වෛද්‍යවරුන්
සේවා ස්‌ථානවලින් හදිසියේ මුදාහැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්රවයා විසින් ගත් තීරණය අත්හිටුවීම යන ඉල්ලීම් මුල්කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛාව පවසයි.
ඊයේ (28 දා) කොළඹ ජාතික රෝහලේ පැවැති එම ශාඛා සංගම් රැස්‌වීමේදී මෙම වර්ජන තීරණය ගෙන තිබේ.
අද වර්ජනය පැවැත්වෙන කාල සීමාවේදී බාහිර රෝගී අංශ, සායන ප්‍රතිකාර, සාමාන්‍ය සැත්කම් හා ප්‍රතිකාර කටයුතු සිදුනොවන අතර හදිසි සේවාවන් පමණක් සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛාවේ ප්‍රකාශකයකු "දිවයින"ට පැවැසීය.
සිය ඉල්ලීම් ඉටු කිරීමට කඩිනම් පියවර නොගන්නේ නම් ලබන සඳුදා (4 දා) සිට අඛණ්‌ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම ප්‍රකාශකයා පැවැසීය. කොළඹ ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් 1000 කට අධික සංඛ්‍යාවක් අද ක්‍රියාත්මක කෙරෙන වර්ජනයට සහභාගි වීමට නියමිතය.

0 comments:
Post a Comment