Photobucket

Friday, March 1, 2013

බාලචන්ද්‍රන් ගැන චෝදනාවට නිසි ප්‍රතිචාර දක්‌වනවා

ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් ළමා සොල්දාදුවකු බවත් ඔහු ඝාතනය කළ බවට මානව හිමිකම් සමුළුව වෙත ඊළාම්වාදීන් යොමුකර ඇති චෝදනා ගැන තමා නිසි ප්‍රතිචාර දක්‌වන බවත් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  (28 දා) පැවැසීය.

මේ සාවද්‍ය චෝදනාව හමුදාව වෙත යොමු කිරීමට සිව් වසරක්‌ ගත වූයේ මන්දැයි මා ප්‍රශ්න කරනවා. එසේම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව තුළ බාලචන්ද්‍රන් සම්බන්ධ ඡායාරූප අඩංගු නේ µයර් සෝන් චිත්‍රපටය අද (01 දා) තිරගත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙය නිර්මාණය කළ චැනල් ෙµda රූපවාහිනි අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේට මා ප්‍රසිද්ධියේ අභියෝග කරනවා විවාදයකට එන්න කියලා යෑයි ද හෙතෙම තවදුරටත් පැවැසීය.

මේ අතර මෙම සාවද්‍ය චිත්‍රපටය අද එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු ශාලාවක තිරගත කරන බව ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් සංවිධානය දන්වා ඇත.

මෙය තිරගත කිරීම අත්හිටුවන්නැයි ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සමුළු සභාපති හෙන්සල්ගෙන් ඉල්ලා තිබේ.
Share on :

1 comments:

Loku John said...

බලමු තව ඉස්සරහට

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all