Photobucket

Friday, March 1, 2013

“න්‍යෂ්ටික අර්බුද සාකච්ඡා සුබවාදී පියවරක්” ඉරානය කියා සිටියි

ඉරානයේ න්‍යෂ්ටික අර්බුදය විසඳා ගැනීම සඳහා ලෝක බලවතුන් සමග කසකස්තානයේ පැවැති සාකච්ඡා සුබවාදි පියවරක්වූ බව ඉරානය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන මැදහත්කරු වන ‘සායිඩ් ජලීලී’ කියා සිටියි. 5 + 1 සංගමයට අයත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, චීනය, රුසියාව හා ජර්මනිය යන රටවල් මෙම අර්බුදය පිළිබඳව පෙරට වඩා යථාර්ථවාදී දැක්මකින් යුතුව සලකා බැලූ බව ,

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරන ලදී. යුරෝපා සංවිධානයේ ප්‍රධාන නියෝජිතවරියද සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් කියා සිටින ලද්දේ, සාකච්ඡා අතරතුරදී ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව ඉරානය සුබවාදී ලෙස සලකා බලනු ඇති බවට තමන් බලා‍පොරොත්තු වන බවයි. ලබන අප්‍රේල් 5 හා 6 යන දෙදිනවලදී යළිත් සාකච්ඡා සඳහා ඉරානය  5 + 1 ඉරානය හා සංගම් සාමාජිකයන් හමුවීමට නියමිතය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all