Photobucket

Friday, March 1, 2013

ලබන වසරේ මැතිවරණ නෑ

පළාත් සභා දෙකක හෝ තුනක මැතිවරණ මේ වසරේ පැවැත්වෙන බවත්, එහෙත් ලබන වසරේ කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ජනාධිපතිවරණයක් ලබන වසරේ පැවැත්වෙන බවට ඇතැම් දෙනා ප්‍රකාශ කළද, ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් කිසිසේත් පැවැත්වෙන්නේ නැති බවත් ඇමැතවරයා අවධාරණය කරයි.

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවැසුවේ ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

ජනාධිපතිවරණයක් අවශ්‍යව ඇත්තේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බව කී ඇමැතිවරයා එතුමාට අවශ්‍යව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගෙන් බේරීමට ජනාධිපතිවරණයක් ලබාගැනීමට බවත් පැවැසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all