Photobucket

Friday, March 1, 2013

යුද අපරාධ චෝදනා විමර්ශනයට පැමිණියහොත් රට වෙනුවෙන් පෙනී සිටිනවා

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට චෝදනා කරමින් එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඒ පිරිසට යුද හමුදාපතිවරුන්ගෙන් ද කරුණු විමසීමට සිදුවෙනවා. එහිදී මා ජාතික වගකීමක්‌ ලෙස සලකා රට ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා යෑයි හිටපු යුද හමුදාපති ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා ඇතුල්කෝට්‌ටේ අනෝමා ෆොන්සේකා පදනමේදී පෙරේදා (27 දා) සවස පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

තමන් ජාතික ඇඳුම ඇඳගත් දේශපාලකයකු වුණේ 2010 ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයේදී බවත් නිල ඇඳුම ඇඳගත් පදක්‌කම් පැළඳි නිලධාරියකු ලෙස ඕනෑම ප්‍රශ්නයකට තමන් උත්තර දෙන බවත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

යුද අපරාධ සම්බන්ධව අන්තර් ජාතික මට්‌ටමින් ප්‍රශ්නයක්‌ ආවොත් උත්තර දෙන්න වෙන්නේ අපරාධ සිදුවූයේ යෑයි කියනු ලබන සමයේ හමුදාපති ධුර දැරූ අයටයි. වැදගත් අයගෙන්ද ප්‍රශ්න කරන්න පුළුවන්. පපුවට ගසාගත් පමණින් විදුලි පුටුවේ ඉඳගන්නවා කියූ පමණින් ඒ අයගෙන් ප්‍රශ්න කරන්නේ නෑ.

කෙහෙළිය රඹුක්‌වැල්ල ඇමැතිවරයාගෙන් චැනල් 4 ආශ්‍රිතව ප්‍රභාකරන්ගේ බාල පුතා පිළිබඳව මාධ්‍යවේදියකු ප්‍රශ්න කළාම "දැන් අපට උත්තර දෙන්න ඕනෑ නෑ. ඒ ගැන හිටපු හමුදාපතිවරයා උත්තර දී තිබෙනවා" කියන කතාවෙන්ම රටේ සරත් ෙµdන්සේකා කියන හිටපු හමුදාපතිවරයාගේ වටිනාකම මැනවින් තේරුම් ගෙන ඇතැයි ද තමන්ගේ නාමය හමුදා ඉතිහාසයෙන් සහ වංශකතාවෙන් ඉවත් කරන්න කටයුතු කළත් අද සත්‍ය ඉස්‌මතු වී ඇතැයි ද ඒ මහතා පැවැසීය.

මෙම මාධ්‍ය හමුවේදී කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ද අදහස්‌ පළ කළේය.
Share on :

3 comments:

Loku John said...

ජාතික අභිමානය

Loku John said...

මේ කෙහෙල් මල් word verification අයින් කරන්න

Unknown said...

word verification එක අයින් කලොත් ස්පෑම් වදින්න පටන් ගනියි එකයි දාල තියෙන්නේ

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all