Photobucket

Friday, March 1, 2013

පෙම්වතා සමග සිටි දැරිය පියාගේ අතවර හෙළිකරයි

තම දියණියට කෲරත්වයෙන් සලකා ඇයට වරින් වර අතවර කිරීමේ චෝදනා මත කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයේ පසුවන 37 හැවිරිදි පියාට ඇප ලබාදීම ප්‍රතික්‌ෂේප කළ මිනුවන්ගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා සැකකරු මාර්තු 04 දක්‌වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියෝග කළේය.

මව විදේශගතව සිටින හෙයින් අතවරයට පත් 17 හැවිරිදි දැරිය පුංචි අම්මා, නැන්දා කෙනකු සහ ආච්චි භාරයේ හැදී වැඩී තිබේ. පාසල් යෑවීමට යෑයි පවසා පියා විසින් දැරියව වයස අවුරුදු 15 දී ආච්චි අම්මා භාරයෙන් රැගෙන විත් කටුනායක, පීල්ලවත්ත ප්‍රදේශයේ බෝඩිම් කාමරයක්‌ කුලියට ගෙන එහි නවතා ඇත. 2011 වසරේ සිට පියා විසින් දැරියට අතවර කර ඇති අතර බෝඩිම් හිමිකරුගේ පුතා සමග මීට මාස කිහිපයකට පමණ පෙර අතවරයට පත් දැරිය පෙම් සබඳතාවක්‌ ගොඩනඟාගෙන තිබේ. පියාගෙන් නිතර නිතර සිදුවන අතවර ගැන පෙම්වතාට පැවසීමෙන් අනතුරුව පෙම්වතා එම තරුණියව විවාහ කරගන්නා පොරොන්දු මත වෙනත් ප්‍රදේශයක කාමරයක්‌ කුලියට ගෙන එහි නවතා තිබී ඇත. එම තරුණයාද එම කාමරයේ පදිංචිවී සිට ඇත. බාලවයස්‌කාර දැරිය නිවසේ නොමැති බවට පියා විසින් කටුනායක පොලිසියට කළ පැමිණිල්ල මත පො.සැ. අජිත් (19266) ඇතුළු නිලධාරීන් විසින් කළ විමර්ශනයේ දී යුවළව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිද්ධිය අනාවරණය වූ බවට පො.සැ. අජිත් මහතා අධිකරණයට කරුණු අනාවරණය කරනු ලැබීය.

නීත්‍යනුකූල භාරකාරත්වයෙන් දැරියව අපහරණය කිරීමේ චෝදනා මත සැකකාර තරුණයාවද කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත රිමා

න්ඩ් භාරයට පත්කරනු ලැබීය. අධිකරණ නියෝග මත දැරියව ළමා නිවාසයක රඳවා ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all